Surah Al-Baqara Verse 267 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Baqaraيَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓاْ أَنفِقُواْ مِن طَيِّبَٰتِ مَا كَسَبۡتُمۡ وَمِمَّآ أَخۡرَجۡنَا لَكُم مِّنَ ٱلۡأَرۡضِۖ وَلَا تَيَمَّمُواْ ٱلۡخَبِيثَ مِنۡهُ تُنفِقُونَ وَلَسۡتُم بِـَٔاخِذِيهِ إِلَّآ أَن تُغۡمِضُواْ فِيهِۚ وَٱعۡلَمُوٓاْ أَنَّ ٱللَّهَ غَنِيٌّ حَمِيدٌ
විශ්වාසවන්තයිනි! (දානමාන කිරීමට අදහස් කළහොත්) ඔබ හරිහම්භ කළ දැයෙන්ද, අපි ඔබට භූමියෙහි ඉකුත් කළ (ධාන්‍ය, පලතුරු ආදී) දැයෙන්ද, හොඳ දැයම (දානමානය වශයෙන්) වියදම් කරනු. ඒවායෙන් නරක් වූ දැය දීමට කැමති නොවනු. (මන්දයත් නරක් වූ භාණ්ඩ ඔබට කෙනෙකු ලබා දුන්නහොත්) ඒවා ඔබ (පිළිකුලෙන් යුතුව) ඇස් පියවී ගිය අය වශයෙන් මිස, ලබා ගන්නේ නැත! (එබැවින් ඔබ කැමති නොවන භාණ්ඩ අන් අයට දානමානය වශයෙන් නොදෙනු). නියත වශයෙන්ම අල්ලාහ් වස්තුව අවශ්‍ය නොවන්නෙකු හා ඉමහත් ප්‍රශංසාවට අයත් කෙනෙකු වශයෙන් සිටින්නේය යන්න ඔබ ස්ථීර වශයෙන් දැන ගනු