Surah Al-Baqara Verse 273 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Baqaraلِلۡفُقَرَآءِ ٱلَّذِينَ أُحۡصِرُواْ فِي سَبِيلِ ٱللَّهِ لَا يَسۡتَطِيعُونَ ضَرۡبٗا فِي ٱلۡأَرۡضِ يَحۡسَبُهُمُ ٱلۡجَاهِلُ أَغۡنِيَآءَ مِنَ ٱلتَّعَفُّفِ تَعۡرِفُهُم بِسِيمَٰهُمۡ لَا يَسۡـَٔلُونَ ٱلنَّاسَ إِلۡحَافٗاۗ وَمَا تُنفِقُواْ مِنۡ خَيۡرٖ فَإِنَّ ٱللَّهَ بِهِۦ عَلِيمٌ
(විශ්වාසවන්තයිනි! එවැනි දානමාන සමහරක්) දුප්පතුන්ටම (අයත් වන්නේය!) ඔවුන් අල්ලාහ්ගේ ධර්මය වෙනුවෙන්ම යයි තමන්ව (සම්පූර්ණයෙන්ම කැප කර), පැත්තකට වීම නිසා (තමන්ගේ පෞද්ගලික ජීවිතයට පවා) භූමියෙහි ඒ මේ අත දුවා ඇවිදින්නට සුදුසු තත්වයක් නොලැබූවන් වශයෙන් සිටින්නාහ. (තවද ඔවුන්) හිඟා නොකන බැවින් (ඔවුන්ගේ දුක්ඛිත තත්වය) නොදන්නවුන් ඔවුන් ධනපතියන් යයි අදහස් කර ගන්නාහ. ඔවුන්ගේ (දුගී භාවයේ) සළකුණු (වන ඇඳුම් ආදිය) මගින් ඔබ ඔවුන්ව දැන ගත හැකිය. ඔවුන් මිනිසුන් වෙතින් බැගෑපත් වී ඉල්ලන්නේද නැත. (මෙවැනි දුප්පතුන්ට) ඔබ හොඳ දැයෙන් කුමක් වියදම් කළද, නියත වශයෙන්ම අල්ලාහ් හොඳින් දැන, (එයට අයත් ඵලවිපාක ලබා) දෙන්නේය