Surah Al-Baqara Verse 283 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Baqara۞وَإِن كُنتُمۡ عَلَىٰ سَفَرٖ وَلَمۡ تَجِدُواْ كَاتِبٗا فَرِهَٰنٞ مَّقۡبُوضَةٞۖ فَإِنۡ أَمِنَ بَعۡضُكُم بَعۡضٗا فَلۡيُؤَدِّ ٱلَّذِي ٱؤۡتُمِنَ أَمَٰنَتَهُۥ وَلۡيَتَّقِ ٱللَّهَ رَبَّهُۥۗ وَلَا تَكۡتُمُواْ ٱلشَّهَٰدَةَۚ وَمَن يَكۡتُمۡهَا فَإِنَّهُۥٓ ءَاثِمٞ قَلۡبُهُۥۗ وَٱللَّهُ بِمَا تَعۡمَلُونَ عَلِيمٞ
තවද ඔබ සංචාරයේ සිටිමින් (ඒ අවස්ථාවේදී ගනුදෙනුවක් කිරීමට අවශ්‍යතාවයක් ඇති වී) ලියන්නාවද ඔබ සොයා ගත නොහැකි වුවහොත් (ණය පත්‍රිකාව වෙනුවට) සින්නක්කර ගැනීමට (හැකි යම්කිසි වස්තුවක්) ලබා ගනු. (මෙහි) ඔබගෙන් කෙනෙකු (උකසක් නොමැතිව ණය දීමට හෝ මිල අධික වස්තුවක් සුළු මුදලකට උකසට තැබීමට හෝ අනිත්) කෙනාව විශ්වාස කළහොත්, විශ්වාස කරනු ලැබූ තැනැත්තා තමන් වෙත ඇති විශ්වාසහරිත වස්තුව (නියමිත අන්දමින්) ආපසු ලබා දිය යුතුය. තවද තමන්ගේ දෙවියන් වන අල්ලාහ්ට (ඉමහත් සේ) බිය වී (සාධාරණ ලෙස කටයුතු) කළ යුතුය. තවද (විශ්වාසහරිත වස්තුවට කවුරුන් හෝ වංචාවක් කිරීමට අදහස් කළහොත්, ඔබගේ) සාක්ෂිය ඔබ නොසැඟවිය යුතුය. කවුරුන් හෝ එය සඟවා ගතහොත් ඔහුගේ හෘදය නියත වශයෙන්ම පාපය තුළට ඇතුළු කර හරින්නේය. (මිනිසුනේ!) ඔබ කරන සියල්ලම අල්ලාහ් හොඳින් දන්නේය