UAE Prayer Times

  • Dubai
  • Abu Dhabi
  • Sharjah
  • Ajman
  • Fujairah
  • Umm Al Quwain
  • Ras Al Khaimah
  • Quran Translations

Surah Al-Baqara Verse 282 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel

Surah Al-Baqara

يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓاْ إِذَا تَدَايَنتُم بِدَيۡنٍ إِلَىٰٓ أَجَلٖ مُّسَمّٗى فَٱكۡتُبُوهُۚ وَلۡيَكۡتُب بَّيۡنَكُمۡ كَاتِبُۢ بِٱلۡعَدۡلِۚ وَلَا يَأۡبَ كَاتِبٌ أَن يَكۡتُبَ كَمَا عَلَّمَهُ ٱللَّهُۚ فَلۡيَكۡتُبۡ وَلۡيُمۡلِلِ ٱلَّذِي عَلَيۡهِ ٱلۡحَقُّ وَلۡيَتَّقِ ٱللَّهَ رَبَّهُۥ وَلَا يَبۡخَسۡ مِنۡهُ شَيۡـٔٗاۚ فَإِن كَانَ ٱلَّذِي عَلَيۡهِ ٱلۡحَقُّ سَفِيهًا أَوۡ ضَعِيفًا أَوۡ لَا يَسۡتَطِيعُ أَن يُمِلَّ هُوَ فَلۡيُمۡلِلۡ وَلِيُّهُۥ بِٱلۡعَدۡلِۚ وَٱسۡتَشۡهِدُواْ شَهِيدَيۡنِ مِن رِّجَالِكُمۡۖ فَإِن لَّمۡ يَكُونَا رَجُلَيۡنِ فَرَجُلٞ وَٱمۡرَأَتَانِ مِمَّن تَرۡضَوۡنَ مِنَ ٱلشُّهَدَآءِ أَن تَضِلَّ إِحۡدَىٰهُمَا فَتُذَكِّرَ إِحۡدَىٰهُمَا ٱلۡأُخۡرَىٰۚ وَلَا يَأۡبَ ٱلشُّهَدَآءُ إِذَا مَا دُعُواْۚ وَلَا تَسۡـَٔمُوٓاْ أَن تَكۡتُبُوهُ صَغِيرًا أَوۡ كَبِيرًا إِلَىٰٓ أَجَلِهِۦۚ ذَٰلِكُمۡ أَقۡسَطُ عِندَ ٱللَّهِ وَأَقۡوَمُ لِلشَّهَٰدَةِ وَأَدۡنَىٰٓ أَلَّا تَرۡتَابُوٓاْ إِلَّآ أَن تَكُونَ تِجَٰرَةً حَاضِرَةٗ تُدِيرُونَهَا بَيۡنَكُمۡ فَلَيۡسَ عَلَيۡكُمۡ جُنَاحٌ أَلَّا تَكۡتُبُوهَاۗ وَأَشۡهِدُوٓاْ إِذَا تَبَايَعۡتُمۡۚ وَلَا يُضَآرَّ كَاتِبٞ وَلَا شَهِيدٞۚ وَإِن تَفۡعَلُواْ فَإِنَّهُۥ فُسُوقُۢ بِكُمۡۗ وَٱتَّقُواْ ٱللَّهَۖ وَيُعَلِّمُكُمُ ٱللَّهُۗ وَٱللَّهُ بِكُلِّ شَيۡءٍ عَلِيمٞ

විශ්වාසවන්තයිනි! ඔබ එක් නියමිත වාරිකයක් මත (ඔබ තුළ) ණය ගනුදෙනු කර ගතහොත් එය ලියා තබනු. තවද (ණය දුන් අයද, නැතහොත් ලබා ගත් අයද) ඔබගෙන් කවුරුන් ලියා තැබූවද, එය) ලියන්නා සාධාරණ ලෙස ලියා තැබිය යුතුය. (ඒ දෙදෙනාම ලිවීමට නොහැකිව ලියන්නාගෙන් ඉල්ලා සිටියහොත්) ලියන්නා (සාධාරණ ලෙස ලිවිය යුතුය යයි) අල්ලාහ් ඔහුට දැනුම් දී ඇති ආකාරයට ලියා දීම ප්‍රතික්ෂේප නොකළ යුතුය. ඔහු ලියා දිය යුතුය. තවද ණය ලබා ගත් අයම (ණය පත්‍රයෙහි) වදන පැවසිය යුතුය. (වදන පැවසීමද, එය ලිවීමද) තම දෙවියන් වන අල්ලාහ්ට බිය විය යුතුය. එබැවින් එහි කිසිවක් අඩුකර නොදමනු. (වදන පැවසිය යුතු) ණය ගත් අය, මන්ද-බුද්ධික වශයෙන් හෝ නැතහොත් (වදන පැවසීමට) නොහැකි (මහළු අය වශයෙන් හෝ කුඩා) දරුවෙකු වශයෙන් හෝ තමන් විසින්ම වදන පැවසීමට ශක්තියක් නැති (ගොළුවෙකු වැනි) අයෙකු වශයෙන් හෝ සිටියහොත් ඔහුගේ ආරක්ෂකයා සාධාරණ වශයෙන් වදන පැවසිය යුතුය. තවද ඔබ සාක්ෂි වශයෙන් (බාර ගත) හැකි ඔබගේ පිරිමින්ගෙන් (අවංක) දෙදෙනෙකු (එම ණයට) සාක්ෂි බවට පත් කරනු. එසේම (සාක්ෂි බවට පත් කළ යුතු) දෙදෙනාම පිරිමි වශයෙන් නොලැබුණහොත්, එක් පිරිමියෙකු සමග ඔබ සාක්ෂි වශයෙන් බාර ගත හැකි ගැහැනුන් දෙදෙනෙකු (සාක්ෂි වශයෙන් ගත යුතුය. මන්දයත් ගැහැණුන් වැඩි වශයෙන් ගනුදෙනු සම්බන්ධයෙන් එතරම් දැනුම නොතිඛෙණ බැවින්) ඒ දෙදෙනාගෙන් කෙනෙකු වැරද ගියද, අනිත් ගැහැනු කෙනා ඇයට (එය) මතක් කර දෙනු පිණිස (එසේ කළ යුතුය). සාක්ෂීන් (ඔවුන් දන්නා දැය පැවසීමට) කැඳවනු ලබන විට, (සාක්ෂි කීම) ප්‍රතික්ෂේප නොකළ යුතුය. තවද (ණය), කුඩා වුවද, ලොකු වුවද (එවෙලෙ එවෙලේම ලියා තැබිය යුතුය. එහි) වාරිකය පැමිණෙන තුරු එය නොලියා කම්මැලි වී නොසිටිනු. (ණය නියමිත ආකාරයට ලියා තබනු). මෙය අල්ලාගේ සන්නිධානයෙහි ඉතාමත් සාධාරණ දැයක් වන්නේය. සාක්ෂියට ඉතාමත් ස්ථීර දැයක් වශයෙන්ද (ණය මුදල හෝ නැතහොත් වාරිකය ගැන හෝ) ඔබ සැක නොසිතා සිටින්නට (මෙය) ඉතාමත් ප්‍රයෝජනවත් වනු ඇත. නමුත් ඔබ, ඔබ අතරේ මුදලින් කර ගන්නා ගනුදෙනුවක් වුවහොත් එය ඔබ නොලියා තැබූවද ඔබ කෙරෙහි වරදක් නැත. නමුත් (මුදලින්) ඔබ ගනුදෙනුවක් කර ගතහොත් වුවද, එයටත් සාක්ෂි තබා ගනු! තවද (වැරදි ආකාරයෙන් ලියා ගන්නා ලෙස) ලියන්නා හෝ (බොරු කියන ලෙස) සාක්ෂිකරුවන්ව හෝ වේදනා නොකළ යුතුය. ඔබ (වේදනා කර) ඒ අන්දමට කළහොත්, නියත වශයෙන්ම එය ඔබට (ඉමහත්) පාපයක් වන්නේය. එබැවින් අල්ලාහ්ට බිය වනු. අල්ලාහ් (ගනුදෙනුව ගැන තමන්ගේ නියමයන්) ඔබට (මෙන්න මේ අන්දමට) උගන්වා දෙන්නේය. තවද අල්ලාහ් සියල්ල ඉතාමත් හොඳින් දන්නෙකි

Author: Naseem Ismail And Masoor Maulana, Kaleel


<< Surah 2 Verse 281
>> Surah 2 Verse 283

Sinhala Translations by other Authors


Sinhala Translation By Naseem Ismail And Masoor Maulana, Kaleel
Sinhala Translation By Naseem Ismail And Masoor Maulana, Kaleel
Sinhala Translation By Naseem Ismail And Masoor Maulana, Kaleel
Sinhala Translation By Www.islamhouse.com
Sinhala Translation By Www.islamhouse.com
Sinhala Translation By Www.islamhouse.com
Popular Areas
Apartments for rent in Dubai Apartments for rent Abu Dhabi Villas for rent in Dubai House for rent Abu Dhabi Apartments for sale in Dubai Apartments for sale in Abu Dhabi Flat for rent Sharjah
Popular Searches
Studios for rent in UAE Apartments for rent in UAE Villas for rent in UAE Apartments for sale in UAE Villas for sale in UAE Land for sale in UAE Dubai Real Estate
Trending Areas
Apartments for rent in Dubai Marina Apartments for sale in Dubai Marina Villa for rent in Sharjah Villa for sale in Dubai Flat for rent in Ajman Studio for rent in Abu Dhabi Villa for rent in Ajman
Trending Searches
Villa for rent in Abu Dhabi Shop for rent in Dubai Villas for sale in Ajman Studio for rent in Sharjah 1 Bedroom Apartment for rent in Dubai Property for rent in Abu Dhabi Commercial properties for sale
© Copyright Dubai Prayer Time. All Rights Reserved
Designed by Prayer Time In Dubai