Surah Al-Baqara Verse 286 - Sinhala Translation by Www.islamhouse.com
Surah Al-Baqaraلَا يُكَلِّفُ ٱللَّهُ نَفۡسًا إِلَّا وُسۡعَهَاۚ لَهَا مَا كَسَبَتۡ وَعَلَيۡهَا مَا ٱكۡتَسَبَتۡۗ رَبَّنَا لَا تُؤَاخِذۡنَآ إِن نَّسِينَآ أَوۡ أَخۡطَأۡنَاۚ رَبَّنَا وَلَا تَحۡمِلۡ عَلَيۡنَآ إِصۡرٗا كَمَا حَمَلۡتَهُۥ عَلَى ٱلَّذِينَ مِن قَبۡلِنَاۚ رَبَّنَا وَلَا تُحَمِّلۡنَا مَا لَا طَاقَةَ لَنَا بِهِۦۖ وَٱعۡفُ عَنَّا وَٱغۡفِرۡ لَنَا وَٱرۡحَمۡنَآۚ أَنتَ مَوۡلَىٰنَا فَٱنصُرۡنَا عَلَى ٱلۡقَوۡمِ ٱلۡكَٰفِرِينَ
අල්ලාහ් කිසිදු ආත්මයකට එහි හැකියාව අනුව මිස (නියමයන්) පටවන්නේ නැත. එය ඉපැයූ දෑ එයටය. එයට එරෙහිව ඉපැයූ දෑ ද එයටය. අපගේ පරමාධිපතියාණෙනි, අප අමතක කළේ නම් හෝ අප වරදක් කළේ නම් අපව දඬුවමට ග්‍රහණය නොකරනු මැනව. තවද අපට පෙර සිටියවුන් මත කවර දෙයක් ඔබ උසුලන්නට සැලැස්වූයේ ද එවැනි බරක් උසුලන්නට නොසලස්වනු මැනව ! කවර දෙයක් අපට සිදු කිරීමට ශක්තිය නොමැත්තේ ද එවැන්නක් අප මත නොපටවනු මැනව ! (අප කළ වැරදි) අපගෙන් නොසලකා හරිනු මැනව ! තවද අපට සමාව දෙනු මැනව ! තවද අපට කරුණා කරනු මැනව ! ඔබ අපගේ භාරකරුය. එබැවින් දේව ප්‍රතික්ෂේපිත පිරිසට එරෙහි ව අපට උදව් කරනු මැනව