Surah Al-Baqara Verse 286 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Baqaraلَا يُكَلِّفُ ٱللَّهُ نَفۡسًا إِلَّا وُسۡعَهَاۚ لَهَا مَا كَسَبَتۡ وَعَلَيۡهَا مَا ٱكۡتَسَبَتۡۗ رَبَّنَا لَا تُؤَاخِذۡنَآ إِن نَّسِينَآ أَوۡ أَخۡطَأۡنَاۚ رَبَّنَا وَلَا تَحۡمِلۡ عَلَيۡنَآ إِصۡرٗا كَمَا حَمَلۡتَهُۥ عَلَى ٱلَّذِينَ مِن قَبۡلِنَاۚ رَبَّنَا وَلَا تُحَمِّلۡنَا مَا لَا طَاقَةَ لَنَا بِهِۦۖ وَٱعۡفُ عَنَّا وَٱغۡفِرۡ لَنَا وَٱرۡحَمۡنَآۚ أَنتَ مَوۡلَىٰنَا فَٱنصُرۡنَا عَلَى ٱلۡقَوۡمِ ٱلۡكَٰفِرِينَ
අල්ලාහ් කිසිම ආත්මයකට එහි ශක්තියට වඩා බල කරනු ලබන්නේ නැත. එය සොයා ගත් පින් එයටම (ප්‍රයෝජනවත් වේ. එසේම) එය සොයා ගත් පාපයන් එයටම (හානියක් අත් කර දෙනු ඇත). ‘අපගේ දෙවියනේ! අපි (අපගේ යුතුකම් ඉටු කිරීමට) අමතක කර හැරියද, නැතහොත් (එහි) වරදක් කළද, (ඒ ගැන) ඔබ අපව (වරදට හසු) නොකරනු (මැනව!) අපගේ දෙවියනේ! ඔබ අප කෙරෙහි (දැඩි නියෝගයන් නියම කර), ඉමහත් බර නොපටවනු (මැනව!) අපට පෙර විසූ අය කෙරෙහි (දැඩි නියෝගයන්) ඔබ පැටවූවාක් මෙන් (නොපටවනු මැනව!) අපගේ දෙවියනේ! අපට දරා ගත නොහැකි අමාරුකම් අප කෙරෙහි පටවා නොදමනු (මැනව!). (අපගේ පාපයන්ට) සමාව දෙනු මැනව! අපව ඉවසනු මැනව! අප කෙරෙහි දයාව පහළ කරනු මැනව! ඔබමය අපගේ උත්පාදකයා! එබැවින් (ඔබව) ප්‍රතික්ෂේප කරන ජනතාවට එරෙහිව (ජයග්‍රහණය අත් කර ගැනීමට) ඔබ අපට උදව් උපකාර කරනු මැනව!’ (යයි ප්‍රාර්ථනා කරනු මැනව)