Surah Al-Baqara Verse 31 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Baqaraوَعَلَّمَ ءَادَمَ ٱلۡأَسۡمَآءَ كُلَّهَا ثُمَّ عَرَضَهُمۡ عَلَى ٱلۡمَلَـٰٓئِكَةِ فَقَالَ أَنۢبِـُٔونِي بِأَسۡمَآءِ هَـٰٓؤُلَآءِ إِن كُنتُمۡ صَٰدِقِينَ
පසුව (ආදම්ව උත්පාදනය කර), ආදම්ට (භූමියෙහි ඇති) සියලූම (වස්තූන්ගේ) නම්ද (ඒවායේ ගුණාංගයන්ද) උගන්වා දී පසුව ඒවා (එම) මලායිකාවරුන්ගේ ඉදිරියෙහි තබා, “(මලායිකාවරුනි! ආදම්ට මගේ නියෝජිතයා වීමට අයත් සුදුසුකමක් නැතැයි පැවසුවා නොවෙද! මෙහි) ඔබ සත්‍යවන්තයින් නම්, (මෙන්න ඔබ ඉදිරියේ ඇති) මේවායේ නාමයන් ඔබ මා හට දැනුම් දෙනු” යයි පැවසුවේය