Surah Al-Baqara Verse 74 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Baqaraثُمَّ قَسَتۡ قُلُوبُكُم مِّنۢ بَعۡدِ ذَٰلِكَ فَهِيَ كَٱلۡحِجَارَةِ أَوۡ أَشَدُّ قَسۡوَةٗۚ وَإِنَّ مِنَ ٱلۡحِجَارَةِ لَمَا يَتَفَجَّرُ مِنۡهُ ٱلۡأَنۡهَٰرُۚ وَإِنَّ مِنۡهَا لَمَا يَشَّقَّقُ فَيَخۡرُجُ مِنۡهُ ٱلۡمَآءُۚ وَإِنَّ مِنۡهَا لَمَا يَهۡبِطُ مِنۡ خَشۡيَةِ ٱللَّهِۗ وَمَا ٱللَّهُ بِغَٰفِلٍ عَمَّا تَعۡمَلُونَ
මින් පසුවද ඔබගේ සිත් දැඩි වී ගියේය. ඒවා ගල් පරයන් මෙන් නැතහොත් ඒවාටත් වඩා දැඩි ඒවා වශයෙන් ඇත්තේය. (මන්දයත්) ගල් පරයන්ගෙන්ද සදාකල් (ස්වයංව) උල්පත් ඇති වී ජලය වෑහෙමින් තිඛෙණු නියත වශයෙන්ම ඇත. පැලී (ගියහොත්) ඒවායෙන් ජලය ඉකුත් වී වෑහෙන ඒවාද ඒවායේ ඇත. අල්ලාහ්ගේ බියෙන් (කඳු මත තිබී) වැටී පෙරලී යන දැයද ඒවායේ ඇත. (නමුත් යුදෙව්වනි! ඔබ තමන් විසින්ම නිවැරදි වූවේද නැත; නබිවරුන්ගේ දේශනාවන්ට සවන් දුන්නේද නැත. අල්ලාහ්ට බිය වූවේද නැත). ඔබගේ වැඩ කටයුතු ගැන අල්ලාහ් නොසැළකිලිමත්ව සිටින්නේ නැත