Surah Al-Baqara Verse 85 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Baqaraثُمَّ أَنتُمۡ هَـٰٓؤُلَآءِ تَقۡتُلُونَ أَنفُسَكُمۡ وَتُخۡرِجُونَ فَرِيقٗا مِّنكُم مِّن دِيَٰرِهِمۡ تَظَٰهَرُونَ عَلَيۡهِم بِٱلۡإِثۡمِ وَٱلۡعُدۡوَٰنِ وَإِن يَأۡتُوكُمۡ أُسَٰرَىٰ تُفَٰدُوهُمۡ وَهُوَ مُحَرَّمٌ عَلَيۡكُمۡ إِخۡرَاجُهُمۡۚ أَفَتُؤۡمِنُونَ بِبَعۡضِ ٱلۡكِتَٰبِ وَتَكۡفُرُونَ بِبَعۡضٖۚ فَمَا جَزَآءُ مَن يَفۡعَلُ ذَٰلِكَ مِنكُمۡ إِلَّا خِزۡيٞ فِي ٱلۡحَيَوٰةِ ٱلدُّنۡيَاۖ وَيَوۡمَ ٱلۡقِيَٰمَةِ يُرَدُّونَ إِلَىٰٓ أَشَدِّ ٱلۡعَذَابِۗ وَمَا ٱللَّهُ بِغَٰفِلٍ عَمَّا تَعۡمَلُونَ
(මෙසේ ස්ථීර කරනු ලැබීමෙන්) පසුවද ඔබ, ඔබ(ගේ මිනිසුන්)ව ඝාතනය කර දමන්නෙහුය. ඔබගෙන් බොහොමයක් දෙනාව ඔවුන් නිවෙස්වලින්ද පිටමං කර දමන්නෙහුය. ඔවුන්ට විරුද්ධකම් කිරීමට පාපයද අපරාධයද යන කාරණාවන්හි (ඔවුන්ගේ විරුද්ධවාදීන්ට) ඔබ උදව් උපකාරද කරන්නෙහුය. නමුත් (ඔබ පිටමං කළ) ඔවුන් (සතුරන්ගේ අතට කොටුවී) සිරකරුවන් බවට පත් වී, ඔබ වෙත (උදව් බලාපොරොත්තුවෙන්) පැමිණියහොත්, ඔවුන් වෙනුවෙන් ඔබ (වස්තුව) වන්දි වශයෙන් ලබා දී (ඔවුන්ව බේරා) හරින්නෙහුය. එහෙත් ඔවුන්ව (ඔවුන්ගේ නිවෙස්වලින්) පිටමං කිරීමම ඔබට තහනම් කරනු ලැබ ඇත්තේය. (මෙසේ කරන) ඔබ, ධර්මයෙහි (ඇති) සමහර නියෝගයන් විශ්වාස කර, සමහර නියෝගයන් ප්‍රතික්ෂේප කරන්නෙහුද? ඔබගෙන් කවුරුන් මෙසේ කරන්නෝද, ඔවුන්ට මෙලොව ජීවිතයෙහි අවමානය මිස, (වෙන කිසිවක්) ඵලවිපාක වශයෙන් ලැඛෙන්නේ නැත. විනිශ්චය දිනදී ඔවුන් දරුණු දඬුවම දෙසට එළවා දමනු ලබන්නාහ. ඔබ කරන දැය ගැන අල්ලාහ් නොසැළකිලිමත්ව සිටින්නේ නැත