Surah Al-Baqara Verse 96 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Baqaraوَلَتَجِدَنَّهُمۡ أَحۡرَصَ ٱلنَّاسِ عَلَىٰ حَيَوٰةٖ وَمِنَ ٱلَّذِينَ أَشۡرَكُواْۚ يَوَدُّ أَحَدُهُمۡ لَوۡ يُعَمَّرُ أَلۡفَ سَنَةٖ وَمَا هُوَ بِمُزَحۡزِحِهِۦ مِنَ ٱلۡعَذَابِ أَن يُعَمَّرَۗ وَٱللَّهُ بَصِيرُۢ بِمَا يَعۡمَلُونَ
තවද (නබියේ! යුදෙව්වන් වන) ඔවුන් අන් මිනිසුන්ට වඩාද (උසස් වශයෙන් සමානයන් තබා නමදින) ‘මුෂ්රික්වරුන්ට වඩාද (අධික කාලයක්) පණ පිටින් (ජීවත් වී) සිටීමෙහි ඉතාමත් ආශාවක් ඇත්තන් වශයෙන් සිටිනු නියත වශයෙන්ම ඔබ දකින්නෙහිය! ඔවුන්ගෙන් සෑම කෙනෙකුම තමන් අවුරුදු දහසක් ජීවත් වී සිටිය යුතු නෙවේදැයි කැමති වන්නාහ. (එසේ අධික කාලයක්) ඔහු ජීවත්ව සිටියත් එය දඬුවමෙන් පොඩියක් හෝ ඔහුව බේරා ගැනීමට නොහැකිය. අල්ලාහ් ඔවුන් කරන දැය ඉතා අවධානයෙන් යුතුව බලන්නෙකු වශයෙන් සිටින්නේය