Surah Al-Anbiya Verse 79 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Anbiyaفَفَهَّمۡنَٰهَا سُلَيۡمَٰنَۚ وَكُلًّا ءَاتَيۡنَا حُكۡمٗا وَعِلۡمٗاۚ وَسَخَّرۡنَا مَعَ دَاوُۥدَ ٱلۡجِبَالَ يُسَبِّحۡنَ وَٱلطَّيۡرَۚ وَكُنَّا فَٰعِلِينَ
විනිශ්චය කිරීමෙහි (දාවුද්ටද, ඔහුගේ පුත් සුලෙයිමාන්ටද අතරේ මත භේද ඇති වූ අවස්ථාවෙදී), අපි සුලෙයිමාන්ට එහි සාධාරණය පැහැදිලි කර දුන්නෙමු. මොවුන් දෙදෙනාටම (තීන්දු දීමේ) දැනුමද, ඥානයද අපි ලබා දී තිබුනෙමු. කඳුද, පක්ෂීන්ද, දාවුද්ට වසඟ කර දුන්නෙමු. ඒවා ඔහු සමග සුවිශුද්ධ කර ගායනා කළහ. අපිම (මේ සියල්ල) කළෙමු