Surah Al-Hajj Verse 11 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Hajjوَمِنَ ٱلنَّاسِ مَن يَعۡبُدُ ٱللَّهَ عَلَىٰ حَرۡفٖۖ فَإِنۡ أَصَابَهُۥ خَيۡرٌ ٱطۡمَأَنَّ بِهِۦۖ وَإِنۡ أَصَابَتۡهُ فِتۡنَةٌ ٱنقَلَبَ عَلَىٰ وَجۡهِهِۦ خَسِرَ ٱلدُّنۡيَا وَٱلۡأٓخِرَةَۚ ذَٰلِكَ هُوَ ٱلۡخُسۡرَانُ ٱلۡمُبِينُ
මිනිසුන්ගෙන් සමහරෙක් (තාප්පය මත සිටින බළලෙකු මෙන් විශ්වාසයේ) අද්දර සිටිමින් (ස්ථීරයක් නොමැති තත්වයෙහි) අල්ලාහ්ව නමදින්නාහ. ඔවුන් යම්කිසි හොඳක් අත් කර ගන්නා විට, එමගින් සෑහීමට පත් වන්නාහ. ඔවුන්ට යම්කිසි විපතක් ඇති වුවහොත් නම්, ඔවුන් තමන්ගේ මුහුණු (අල්ලාහ්ගෙන්) පිටතට හරවා ගන්නාහ. මොවුන් මෙලොවදීද, පරලොවදීද පරාජය අත් කර ගත්හ. එයම (සැකයෙන් තොර) පැහැදිලි ඉමහත් පාඩුවක් වන්නේය