Surah Al-Hajj Verse 5 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Hajjيَـٰٓأَيُّهَا ٱلنَّاسُ إِن كُنتُمۡ فِي رَيۡبٖ مِّنَ ٱلۡبَعۡثِ فَإِنَّا خَلَقۡنَٰكُم مِّن تُرَابٖ ثُمَّ مِن نُّطۡفَةٖ ثُمَّ مِنۡ عَلَقَةٖ ثُمَّ مِن مُّضۡغَةٖ مُّخَلَّقَةٖ وَغَيۡرِ مُخَلَّقَةٖ لِّنُبَيِّنَ لَكُمۡۚ وَنُقِرُّ فِي ٱلۡأَرۡحَامِ مَا نَشَآءُ إِلَىٰٓ أَجَلٖ مُّسَمّٗى ثُمَّ نُخۡرِجُكُمۡ طِفۡلٗا ثُمَّ لِتَبۡلُغُوٓاْ أَشُدَّكُمۡۖ وَمِنكُم مَّن يُتَوَفَّىٰ وَمِنكُم مَّن يُرَدُّ إِلَىٰٓ أَرۡذَلِ ٱلۡعُمُرِ لِكَيۡلَا يَعۡلَمَ مِنۢ بَعۡدِ عِلۡمٖ شَيۡـٔٗاۚ وَتَرَى ٱلۡأَرۡضَ هَامِدَةٗ فَإِذَآ أَنزَلۡنَا عَلَيۡهَا ٱلۡمَآءَ ٱهۡتَزَّتۡ وَرَبَتۡ وَأَنۢبَتَتۡ مِن كُلِّ زَوۡجِۭ بَهِيجٖ
මිනිසුනේ! (විනිශ්චය දිනදී ඔබට පණ දී) නැගිට්ටවීම ගැන ඔබ සැක සිතුවහොත් (ඔබව පළමුවෙන් කෙසේ උත්පාදනය කළෙමුදැයි යන්න අවධානය කර බලනු). නියත වශයෙන්ම අපි ඔබව (ඔබගේ මුල් පියා වන ආදම්ව) කිරි මැටියෙන් උත්පාදනය කළෙමු. පසුව (ඔබව) ඉන්ද්‍රිය බිඳකින් (උත්පාදනය කර), පසුව එය එක් ලේ කැටියක් වශයෙන්ද, පසුව (එය) අඩු රුවකින් යුත් නැතහොත් පූරණ රුවකින් යුත් මාංශ පිණ්ඩයක් වශයෙන්ද, (අපි උත්පාදනය කරන්නෙමු. අපගේ බලසම්පන්න කම) ඔබට පැහැදිලි කරනු පිණිස (මෙසේ කර), අපි අදහස් කළ අයව ගර්භයන්හි නියමිත කාලයක් දක්වා රැඳී සිටින සේ සලස්වන්නෙමු. පසුව ඔබව ළදරුවන් වශයෙන් ඉකුත් කර ඔබ, ඔබගේ තරුණ විය අත් කර ගැනීමට සලස්වන්නෙමු. (මේ අතර) මරණයට පත් වන්නන්ද ඔබගෙන් සමහරෙක් ඇත්තාහ. (නැතහොත් ජීවත්ව සිටිමින්) සියල්ල දැන ගත්තායින් පසු, කිසිවක් නොදන්නා කෙනෙකු බවට පත් වන මහළු වයස දක්වා (ජීවත් වීමට) අත්හැර දමන්නන්ද ඔබගෙන් සිටින්නාහ. (මිනිසුනේ!) භූමිය (කිසිම භෝගයක් නොමැති) පාළු කර්කශක (භූමියක්) වශයෙන් තිඛෙණු ඔබ දුටුවේ නැද්ද? ඒ මත අපි වර්ෂාව වසින්නට සැලැස්සුවහොත් එය සශ්‍රීක වී, වැඩී අලංකාරවත් විවිධ වර්ගයේ (ජෝඩු ජෝඩු වශයෙන්) උසට වැඩුණු ගස්වැල් වැඩෙන්නට සලස්වනු ලැබේ