Surah Al-Hajj Verse 78 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Hajjوَجَٰهِدُواْ فِي ٱللَّهِ حَقَّ جِهَادِهِۦۚ هُوَ ٱجۡتَبَىٰكُمۡ وَمَا جَعَلَ عَلَيۡكُمۡ فِي ٱلدِّينِ مِنۡ حَرَجٖۚ مِّلَّةَ أَبِيكُمۡ إِبۡرَٰهِيمَۚ هُوَ سَمَّىٰكُمُ ٱلۡمُسۡلِمِينَ مِن قَبۡلُ وَفِي هَٰذَا لِيَكُونَ ٱلرَّسُولُ شَهِيدًا عَلَيۡكُمۡ وَتَكُونُواْ شُهَدَآءَ عَلَى ٱلنَّاسِۚ فَأَقِيمُواْ ٱلصَّلَوٰةَ وَءَاتُواْ ٱلزَّكَوٰةَ وَٱعۡتَصِمُواْ بِٱللَّهِ هُوَ مَوۡلَىٰكُمۡۖ فَنِعۡمَ ٱلۡمَوۡلَىٰ وَنِعۡمَ ٱلنَّصِيرُ
(විශ්වාසවන්තයිනි!) ඔබ අල්ලාහ්ගේ මාර්ගයෙහි උත්සාහ කළ යුතු අන්දමට උත්සාහ කරනු. ඔහුම ඔබව තෝරාගෙන, (උසස් කර තබා) ඇත්තේය. මෙම ධර්මයෙහි අල්ලාහ් ඔබට කිසිම අමාරුකමක් ඇති කළේ නැත. (මෙය) ඔබලාගේ පියා වන ඉබ්රාහීම්ගේ ධර්මය වන්නේය. ඔහුම මීට පෙර ඔබට මුස්ලීම්වරුන් යයි නාමය තැබූ අයයි. මෙ(ම ධර්මයෙ)හිද (ඒ අන්දමටම ඔබට නම් කරනු ලැබ ඇත්තේය. මෙයට අපගේ) මෙම දූතයාම සාක්ෂි වශයෙන් සිටින්නේය. ඔබත් අනිත් මිනිසුන්ට සාක්ෂි වශයෙන් සිටිනු. සලාතය නොඩවා ඉටු කරනු. සකාතයද ගෙවමින් සිටිනු. අල්ලාහ්ව තදින් අල්ලා ගනු. ඔහුම ඔබගේ ආරක්ෂකයාය. ආරක්ෂකයින් සියල්ලන්ගෙන් ඔහුම ඉතාමත් හොඳ අයයි. උදව් කරන්නන්ගෙන්ද ඔහුම ඉතාමත් හොඳ අයයි