Surah An-Noor Verse 40 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Noorأَوۡ كَظُلُمَٰتٖ فِي بَحۡرٖ لُّجِّيّٖ يَغۡشَىٰهُ مَوۡجٞ مِّن فَوۡقِهِۦ مَوۡجٞ مِّن فَوۡقِهِۦ سَحَابٞۚ ظُلُمَٰتُۢ بَعۡضُهَا فَوۡقَ بَعۡضٍ إِذَآ أَخۡرَجَ يَدَهُۥ لَمۡ يَكَدۡ يَرَىٰهَاۗ وَمَن لَّمۡ يَجۡعَلِ ٱللَّهُ لَهُۥ نُورٗا فَمَا لَهُۥ مِن نُّورٍ
නැතහොත් (ඔවුන්ගේ වැඩ කටයුතු) මුහුදෙහි ගැලී ඇති අන්ධකාරයට සම වන්නේය. එය රළ මත රළ මගින් වසාගෙන සිටින අතර වලාකුළුද (ඒ මත වැටී) වසාගෙන ඇත්තේය. තවද ඔහු තම අත දිගු කළා වුවද, එය දැක ගත නොහැකි වන තරමට අන්ධකාරයද එකක් මත එකක් වශයෙන් වටකර ගෙන ඇත්තේය. අල්ලාහ් කවුරුන් හට ආලෝකය ලබා නොදුන්නේද, ඔහුට (කිසි තැනක සිට හෝ) කිසිම ආලෝකයක් ළඟා වන්නේ නැත