Surah Al-Qasas Verse 15 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Qasasوَدَخَلَ ٱلۡمَدِينَةَ عَلَىٰ حِينِ غَفۡلَةٖ مِّنۡ أَهۡلِهَا فَوَجَدَ فِيهَا رَجُلَيۡنِ يَقۡتَتِلَانِ هَٰذَا مِن شِيعَتِهِۦ وَهَٰذَا مِنۡ عَدُوِّهِۦۖ فَٱسۡتَغَٰثَهُ ٱلَّذِي مِن شِيعَتِهِۦ عَلَى ٱلَّذِي مِنۡ عَدُوِّهِۦ فَوَكَزَهُۥ مُوسَىٰ فَقَضَىٰ عَلَيۡهِۖ قَالَ هَٰذَا مِنۡ عَمَلِ ٱلشَّيۡطَٰنِۖ إِنَّهُۥ عَدُوّٞ مُّضِلّٞ مُّبِينٞ
(දිනක් මූසා) ජනතාව නිදාගෙන (නොසැළකිලිමත්ව) සිටි අවස්ථාවේදී එම රට තුළට ගිය විට, තරුණයින් දෙදෙනෙකු පොර බඳිනු එහිදී ඔහු දුටුවේය. කෙනෙකු ඔහුගේ ජාතියට අයත්ය. අනිත් කෙනා ඔහුගේ සතුරන්ට අයත් කෙනෙකි. සතුරාට විරුද්ධව උදව් කරන මෙන් ඔහුගේ ජාතියට අයත් තැනැත්තා ඔහුගෙන් ඉල්ලා සිටියේය. (එයට එකඟ වී) මූසා ඔහුට පහරක් ගැසුවේය. ඔහුගේ කාරණාව අවසන් කර දැමුවේය. (ඔහු මරණයට පත් වූවේය. මෙය දැන ගත් මූසා) “මෙය ෂෙයිතාන්ගේ ක්‍රියාවකි. නියත වශයෙන්ම ඔහු මාර්ගය වැරද යැවිය හැකි ප්‍රකට සතුරෙකි!” යයි පැවසුවේය