Surah Al-Qasas Verse 23 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Qasasوَلَمَّا وَرَدَ مَآءَ مَدۡيَنَ وَجَدَ عَلَيۡهِ أُمَّةٗ مِّنَ ٱلنَّاسِ يَسۡقُونَ وَوَجَدَ مِن دُونِهِمُ ٱمۡرَأَتَيۡنِ تَذُودَانِۖ قَالَ مَا خَطۡبُكُمَاۖ قَالَتَا لَا نَسۡقِي حَتَّىٰ يُصۡدِرَ ٱلرِّعَآءُۖ وَأَبُونَا شَيۡخٞ كَبِيرٞ
(එසේ ගමන් කළ ඔහු), මදියාන් (නගරයට පිටින් පිහිටි) ජල තටාකයට පැමිණි විට, ජනතාවගෙන් එක් කොටසක් (තමන්ගේ එළු, ගව ආදී ගමේ සතුන්ට) වතුර පොවමින් සිටීමද, ඒ අසළ කාන්තාවන් දෙදෙනෙකු (තමන්ගේ එළු පට්ටිය) වට කරගෙන (නවතාගෙන) සිටීමද දැක, (එම කාන්තාවට) “ඔබ දෙදෙනාගේ කාරණාව කුමක්ද? (කුමක් නිසා ඔබ නැවතී සිටින්නෙහුද?)”යි විමසුවේය. එයට ඒ කාන්තාවන් දෙදෙනා “මෙම එඬේරන් (තමන්ගේ සතුන්ට වතුර පෙවීමෙන් අනතුරුව) ඈත් වන තුරු අපි (අපගේ එළුවන්ට) වතුර පෙවීම කළ නොහැක. අපගේ පියාද, මහළු වියට පත් මහල්ලෙකි. (ඔහුට මෙතැනට පැමිණීමට නොහැකි බැවින් අපිම මේවා දක්කාගෙන පැමිණ ඇත්තෙමු)” යයි පැවසූහ