Surah Al-Qasas Verse 78 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Qasasقَالَ إِنَّمَآ أُوتِيتُهُۥ عَلَىٰ عِلۡمٍ عِندِيٓۚ أَوَلَمۡ يَعۡلَمۡ أَنَّ ٱللَّهَ قَدۡ أَهۡلَكَ مِن قَبۡلِهِۦ مِنَ ٱلۡقُرُونِ مَنۡ هُوَ أَشَدُّ مِنۡهُ قُوَّةٗ وَأَكۡثَرُ جَمۡعٗاۚ وَلَا يُسۡـَٔلُ عَن ذُنُوبِهِمُ ٱلۡمُجۡرِمُونَ
එයට ඔහු “(මා වෙත ඇති) වස්තූන් සියල්ල මගේ ස්ව දැනුමෙන් (හා දක්ෂතාවයෙන්)ම මා අත් කර ගත්තෙමි. (මෙහි අල්ලාහ්ගේ දයාව කිසිත් නැත)” යයි (පිළිතුරු) දුන්නේය. ඔහුට පෙර සිටි සමූහයන්ගෙන් මොහුටත් වඩා ශක්තිවන්තයින් වශයෙන්ද, මොහුට වඩා අධික වශයෙන් වස්තුව අයත් අය වශයෙන්ද, සිටි කොපමණදෝ අයවළුන්ව අල්ලාහ් නියත වශයෙන්ම විනාශ කර ඇත්තේය යන්න මොහු දැන ගත්තේ නැද්ද? වැරදිකරුවන් තමන්ගේ පාපයන් ගැන පවසන ප්‍රශංසාවන් (එහිදී අවධානයට) ගනු ලබන්නේ නැත. (එයට අයත් දඬුවමම ඔවුන් අනිවාර්යයෙන්ම අත් කර ගනු නියතය)