Surah Aal-e-Imran Verse 152 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Aal-e-Imranوَلَقَدۡ صَدَقَكُمُ ٱللَّهُ وَعۡدَهُۥٓ إِذۡ تَحُسُّونَهُم بِإِذۡنِهِۦۖ حَتَّىٰٓ إِذَا فَشِلۡتُمۡ وَتَنَٰزَعۡتُمۡ فِي ٱلۡأَمۡرِ وَعَصَيۡتُم مِّنۢ بَعۡدِ مَآ أَرَىٰكُم مَّا تُحِبُّونَۚ مِنكُم مَّن يُرِيدُ ٱلدُّنۡيَا وَمِنكُم مَّن يُرِيدُ ٱلۡأٓخِرَةَۚ ثُمَّ صَرَفَكُمۡ عَنۡهُمۡ لِيَبۡتَلِيَكُمۡۖ وَلَقَدۡ عَفَا عَنكُمۡۗ وَٱللَّهُ ذُو فَضۡلٍ عَلَى ٱلۡمُؤۡمِنِينَ
(විශ්වාසවන්තයිනි!) අල්ලාහ්ගේ නියෝගයන්ට අනුව (උහුද් යුද්ධයේදී) ඔබ සතුරන් සමූල ඝාතනය කරමින් සිටි අවස්ථාවේදී ඔබ කැමති (ජයග්‍රහණය) ඔහු ඔබට පෙන්වීමෙන් අනතුරුවද, (වස්තුව දැක නබි තුමාණන්ගේ නියෝගයට) ඔබ වෙනස්කම් කර, (එතුමා ඔබව රඳවා තිබූ මුර කපොල්ලෙන් පහ වී) එම කාරණාවෙහි ඔබ, ඔබ තුළ තර්ක කරමින් (ධෛර්යයද බිඳී) පරාජයට පත් වීමට තිබූ අවස්ථාවක, අල්ලාහ් (ඔබට උදව් කර), තමන්ගේ පොරොන්දුව නියත වශයෙන්ම ඉටු කර තැබුවේය. ඔබගෙන් මෙලොව කැමැත්තන්ද ඇත. ඔබගෙන් පරලොව කැමැත්තන්ද ඇත. එබැවින් ඔබව පිරික්සුමට ලක් කිරීම පිණිස, (ඔවුන්ව එළවා ගිය) ඔබ, ඔවුන්ව පසුබැසීමට සැලැස්සුවේය. (මින් පසුවද), නියත වශයෙන්ම ඔහු ඔබව (ඔබගේ පාපයන්ට) සමාව දුන්නේය. මන්දයත් අල්ලාහ් විශ්වාසීන් කෙරෙහි දයාව පහළ කරන්නෙකු වශයෙන් සිටින්නේය