Surah Aal-e-Imran Verse 153 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Aal-e-Imran۞إِذۡ تُصۡعِدُونَ وَلَا تَلۡوُۥنَ عَلَىٰٓ أَحَدٖ وَٱلرَّسُولُ يَدۡعُوكُمۡ فِيٓ أُخۡرَىٰكُمۡ فَأَثَٰبَكُمۡ غَمَّۢا بِغَمّٖ لِّكَيۡلَا تَحۡزَنُواْ عَلَىٰ مَا فَاتَكُمۡ وَلَا مَآ أَصَٰبَكُمۡۗ وَٱللَّهُ خَبِيرُۢ بِمَا تَعۡمَلُونَ
(උහද් යුද්ධයේදී අල්ලාහ්ගේ) රසූල්වරයා ඔබගේ පිටුපසින් සිටිමින් “(මා වෙත පැමිණෙනු, පැමිණෙනු” යයි) ඔබව (කෑ ගසා) ආරාධනා කරමින් සිටි අවස්ථාවේදී, ඔබ කිසිවෙකුත් හැරී නොබලා වේගයෙන් දුවමින් සිටීම ගැනද සිතා බලනු. (අපගේ රසූල්වරයාට ඔබ ඇති කළ) මෙම දුකෙහි හේතුවෙන්, ඔබටද (පරාජයේ) දුකම ඵලවිපාක වශයෙන් ලබා දුන්නේය. මන්දයත් (මින් පසු) ඔබ වෙතින් (යම්කිසි වස්තුවක්) අමතක වී ගිය අවස්ථාවේදීද, ඔබට (යම්කිසි) අමාරුකමක් ඇති වූ අවස්ථාවේදීද, ඔබත් දුකෙහි ගැලී නොයා සිටීමට (යුතු ආත්මශක්තිය ඔබට ඇති කිරීම) සඳහාම (මෙවැනි අමාරුකමක් ඔබට දුන්නේය). ඔබ කරන සියලූ දැය අල්ලාහ් හොඳින් දැනගෙනම සිටින්නේය