Surah Aal-e-Imran Verse 154 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Aal-e-Imranثُمَّ أَنزَلَ عَلَيۡكُم مِّنۢ بَعۡدِ ٱلۡغَمِّ أَمَنَةٗ نُّعَاسٗا يَغۡشَىٰ طَآئِفَةٗ مِّنكُمۡۖ وَطَآئِفَةٞ قَدۡ أَهَمَّتۡهُمۡ أَنفُسُهُمۡ يَظُنُّونَ بِٱللَّهِ غَيۡرَ ٱلۡحَقِّ ظَنَّ ٱلۡجَٰهِلِيَّةِۖ يَقُولُونَ هَل لَّنَا مِنَ ٱلۡأَمۡرِ مِن شَيۡءٖۗ قُلۡ إِنَّ ٱلۡأَمۡرَ كُلَّهُۥ لِلَّهِۗ يُخۡفُونَ فِيٓ أَنفُسِهِم مَّا لَا يُبۡدُونَ لَكَۖ يَقُولُونَ لَوۡ كَانَ لَنَا مِنَ ٱلۡأَمۡرِ شَيۡءٞ مَّا قُتِلۡنَا هَٰهُنَاۗ قُل لَّوۡ كُنتُمۡ فِي بُيُوتِكُمۡ لَبَرَزَ ٱلَّذِينَ كُتِبَ عَلَيۡهِمُ ٱلۡقَتۡلُ إِلَىٰ مَضَاجِعِهِمۡۖ وَلِيَبۡتَلِيَ ٱللَّهُ مَا فِي صُدُورِكُمۡ وَلِيُمَحِّصَ مَا فِي قُلُوبِكُمۡۚ وَٱللَّهُ عَلِيمُۢ بِذَاتِ ٱلصُّدُورِ
(විශ්වාසවන්තයිනි!) මෙම ශෝකයෙන් පසු (අල්ලාහ්) ඔබගේ සිතට සැහැල්ලූවක් ඇති කරන නිද්දක් පහළ කළේය. ඔබගෙන් එක් සමුහයක් එය වට කර ගත්තේය. අනිත් සමූහයට නම්, ඔවුන්ගේ ශෝකය වැඩි කර, මෝඩයින් සිතන්නාක් මෙන් අල්ලාහ් ගැන සත්‍ය නොවන දැය සියල්ල (වැරදි ලෙස) සිතන්නට පටන් ගෙන, “අප වෙත (මෙයට) විසඳුම් කිසිවක් ඇත්ද?”යි පැවසූහ. (එයට) “සියලූ කාරණාවන් අල්ලාහ්ටම අයත්ය!” යයි (නබියේ!) ඔබ පවසනු මැනව! (මේවා හැර), ඔවුන් ඔබට එළිදරව් නොකළ බොහොමයක් කාරණාවන්ද තමන්ගේ මනසෙහි සඟවාගෙන “අප වෙත යම්කිසි බලයක් තිබුණේ නම්, එහි පැමිණ (මෙසේ) අපි කපනු නොලබන්නෙමු” යයිද පවසන්නාහ. (මෙයට නබියේ! එම වංචනිකයින්ට) ඔබ මෙසේ පවසනු: “ඔබ ඔබගේ නිවෙස්හි (නැවතී) සිටියා වුවද, කපනු ලැබිය යුතුමය යයි ඔවුන් කෙරෙහි නියම වී තිබුණේ නම්, ඔවුන් තමන් (කපනු ලැබ) වැටිය යුතු ස්ථානයන්ට (තමන් විසින්ම) පැමිණෙනු ඇත. අල්ලාහ් ඔබගේ මනසෙහි ඇති දැය පරීක්ෂා කර බැලීමටද, ඔබගේ හෘදයන්හි ඇති දැය පැහැදිලි කර හැරීම සඳහාද, (මෙසේ සිදු වනසේ සැලසුවේය. ඔබගේ) හෘදයන්හි ඇති සියල්ල අල්ලාහ් හොඳින් දන්නේය”