Surah Aal-e-Imran Verse 165 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Aal-e-Imranأَوَلَمَّآ أَصَٰبَتۡكُم مُّصِيبَةٞ قَدۡ أَصَبۡتُم مِّثۡلَيۡهَا قُلۡتُمۡ أَنَّىٰ هَٰذَاۖ قُلۡ هُوَ مِنۡ عِندِ أَنفُسِكُمۡۗ إِنَّ ٱللَّهَ عَلَىٰ كُلِّ شَيۡءٖ قَدِيرٞ
(විශ්වාසවන්තයිනි! බද්රු යුද්ධයෙහිදී) මීටත් වඩා දෙගුණයක අමාරුකම් ඔබ ඔවුන්ට ඇති කර තිබුණත්, (මෙම උහද් යුද්ධයේදී) ඔබට අමාරුකම්ක් ඇති වූ විට, ‘මෙය කෙසේ නම් (කවුරුන්ගෙන්) ඇති වූවේද?’යි ඔබ විමසූවෙහුය. (විමසීමට පටන් ගත්තෙහුය). “(ඔබ, ඔබගේ ආරක්ෂක ස්ථානයන්ගෙන් ඈත් වූ බැවින්) ඔබගේම වරදින් මෙය සිදු විය. නියත වශයෙන්ම අල්ලාහ් සියල්ල කෙරෙහි බලසම්පන්නයෙකු වශයෙන් සිටින්නේය” යයි (නබියේ!) ඔබ පවසනු මැනව