Surah Aal-e-Imran Verse 78 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Aal-e-Imranوَإِنَّ مِنۡهُمۡ لَفَرِيقٗا يَلۡوُۥنَ أَلۡسِنَتَهُم بِٱلۡكِتَٰبِ لِتَحۡسَبُوهُ مِنَ ٱلۡكِتَٰبِ وَمَا هُوَ مِنَ ٱلۡكِتَٰبِ وَيَقُولُونَ هُوَ مِنۡ عِندِ ٱللَّهِ وَمَا هُوَ مِنۡ عِندِ ٱللَّهِۖ وَيَقُولُونَ عَلَى ٱللَّهِ ٱلۡكَذِبَ وَهُمۡ يَعۡلَمُونَ
නියත වශයෙන්ම ඔවුන්ගෙන් එක් සමූහයක් ඇත්තාහ; ඔවුන් ධර්මය (ශුද්ධ වූ කුර්ආනය) කියවන විට, (ඒ සමග බොහොමයක් වෙනත් වගන්තීන්ද කළවම් කර), ඒවාද ධර්මයෙහි ඇත්තේය යයි ඔබ අදහස් කර ගැනීම පිණිස තමන්ගේ දිව (කට) ඇද කරමින් කියවන්නාහ. එහෙත් ඒවා ධර්මයෙහි ඇති දැය නොව. තවද ඔවුන් “එය අල්ලාහ් වෙතින් පැමිණ ඇත” යයිද පවසන්නාහ. එය අල්ලාහ් වෙතින් පැමිණි දැයද නොව. ඔවුන් හොඳින් දැන දැනම අල්ලාහ් මත (මෙසේ) බොරු ගොතා කියන්නාහ