Surah Al-Ahzab Verse 25 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Ahzabوَرَدَّ ٱللَّهُ ٱلَّذِينَ كَفَرُواْ بِغَيۡظِهِمۡ لَمۡ يَنَالُواْ خَيۡرٗاۚ وَكَفَى ٱللَّهُ ٱلۡمُؤۡمِنِينَ ٱلۡقِتَالَۚ وَكَانَ ٱللَّهُ قَوِيًّا عَزِيزٗا
ප්‍රතික්ෂේප කරන්නන්ව ඔවුන් තමන්ගේ කෝපයෙහි ගැලී සිටියදීම අල්ලාහ් ඔවුන්ව යටපත් කර දැමුවේය. (මෙම යුද්ධයේදී) ඔවුන් කිසිම යහපතක් අත් කර ගත්තේ නැත. (සියලූම ආකාරයෙන්ම පරාජයම අත් කර ගත්හ. නමුත් විශ්වාසවන්තයින්ව අල්ලාහ්ම ආරක්ෂා කර ගත්තේය). එම (අගල්) යුද්ධයේදී විශ්වාසවන්තයින්ට අල්ලාහ්ම ප්‍රමාණවත් කෙනෙකු වශයෙන් සිටියේය. අල්ලාහ් (සියල්ලන්ටම වඩා) ඉතාමත් ශක්තිවන්තයෙකු වශයෙන් හා බලසම්පන්නයෙකු වශයෙන්ද සිටින්නේය