Surah Al-Ahzab Verse 35 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Ahzabإِنَّ ٱلۡمُسۡلِمِينَ وَٱلۡمُسۡلِمَٰتِ وَٱلۡمُؤۡمِنِينَ وَٱلۡمُؤۡمِنَٰتِ وَٱلۡقَٰنِتِينَ وَٱلۡقَٰنِتَٰتِ وَٱلصَّـٰدِقِينَ وَٱلصَّـٰدِقَٰتِ وَٱلصَّـٰبِرِينَ وَٱلصَّـٰبِرَٰتِ وَٱلۡخَٰشِعِينَ وَٱلۡخَٰشِعَٰتِ وَٱلۡمُتَصَدِّقِينَ وَٱلۡمُتَصَدِّقَٰتِ وَٱلصَّـٰٓئِمِينَ وَٱلصَّـٰٓئِمَٰتِ وَٱلۡحَٰفِظِينَ فُرُوجَهُمۡ وَٱلۡحَٰفِظَٰتِ وَٱلذَّـٰكِرِينَ ٱللَّهَ كَثِيرٗا وَٱلذَّـٰكِرَٰتِ أَعَدَّ ٱللَّهُ لَهُم مَّغۡفِرَةٗ وَأَجۡرًا عَظِيمٗا
නියත වශයෙන්ම මුස්ලීම්වරුන් වන පිරිමින්ද, ගැහැනුන්ද, විශ්වාසීන් වන පිරිමින්ද, ගැහැනුන්ද, (දෙවියන්ට) අවනත වන පිරිමින්ද, ගැහැනුන්ද, සත්‍යයම පවසන පිරිමින්ද, ගැහැනුන්ද, ඉවසීමෙන් යුතු පිරිමින්ද, ගැහැනුන්ද, (අල්ලාහ්ට) බිය වී කටයුතු කරන පිරිමින්ද, ගැහැනුන්ද, දානමාන කරන පිරිමින්ද, ගැහැනුන්ද, උපවාසයේ යෙදෙන පිරිමින්ද, ගැහැනුන්ද, තමන්ගේ පතිවත ආරක්ෂා කර ගන්නා පිරිමින්ද, ගැහැනුන්ද, අල්ලාහ්ව අධික වශයෙන් සුවි ශුද්ධ කරන පිරිමින්ද, ගැහැනුන්ද, ආදී මොවුන්ට අල්ලාහ් සමාවද, ඉමහත් වූ ඵලවිපාකද සැලසුම් කර තබා ඇත්තේය