Surah Al-Ahzab Verse 55 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Ahzabلَّا جُنَاحَ عَلَيۡهِنَّ فِيٓ ءَابَآئِهِنَّ وَلَآ أَبۡنَآئِهِنَّ وَلَآ إِخۡوَٰنِهِنَّ وَلَآ أَبۡنَآءِ إِخۡوَٰنِهِنَّ وَلَآ أَبۡنَآءِ أَخَوَٰتِهِنَّ وَلَا نِسَآئِهِنَّ وَلَا مَا مَلَكَتۡ أَيۡمَٰنُهُنَّۗ وَٱتَّقِينَ ٱللَّهَۚ إِنَّ ٱللَّهَ كَانَ عَلَىٰ كُلِّ شَيۡءٖ شَهِيدًا
(නබිවරයාගේ භාර්යයාවන් වන) ඔවුන් තමන්ගේ පියවරුන් ඉදිරියේද, තමන්ගේ පිරිමි දරුවන් ඉදිරියේද, තමන්ගේ සහෝදරයන් ඉදිරියේද, තමන්ගේ සහෝදරයින්ගේ පිරිමි දරුවන් ඉදිරියේද, තමන්ගේ සහෝදරියන්ගේ පිරිමි දරුවන් ඉදිරියේද, තමන්ගේ (වාර්ගිකයින් වන විශ්වාසවන්තයින්ගේ) කාන්තාවන් ඉදිරියේද, තමන්ගේ දකුණත් හිමි කර ගත් අය (වන වහල් ස්ත්‍රීන්)ගේ ඉදිරියේද, (පැමිණීමෙහි) ඔවුන් කෙරෙහි කිසිම වරදක් නැත. (මොවුන් හැර අන් අය ඉදිරියට පැමිණීම ගැන, නබිවරයාගේ භාර්යයාවෙනි!) ඔබ අල්ලාහ්ට බිය වනු. නියත වශයෙන්ම අල්ලාහ් සියල්ලටම සාක්ෂි වශයෙන් සිටින්නේය