Surah Al-Ahzab Verse 6 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Ahzabٱلنَّبِيُّ أَوۡلَىٰ بِٱلۡمُؤۡمِنِينَ مِنۡ أَنفُسِهِمۡۖ وَأَزۡوَٰجُهُۥٓ أُمَّهَٰتُهُمۡۗ وَأُوْلُواْ ٱلۡأَرۡحَامِ بَعۡضُهُمۡ أَوۡلَىٰ بِبَعۡضٖ فِي كِتَٰبِ ٱللَّهِ مِنَ ٱلۡمُؤۡمِنِينَ وَٱلۡمُهَٰجِرِينَ إِلَّآ أَن تَفۡعَلُوٓاْ إِلَىٰٓ أَوۡلِيَآئِكُم مَّعۡرُوفٗاۚ كَانَ ذَٰلِكَ فِي ٱلۡكِتَٰبِ مَسۡطُورٗا
විශ්වාසවන්තයින්ට ඔවුන්ගේ පණටත් වඩා (අපගේ දූතයා වන) නබිම ඉතාමත් වැදගත් කෙනෙකි. ඔහුගේ භාර්යයාවන් නම්, ඔවුන්ගේ මව්වරුන් වන්නාහ. (එක් මුස්ලිම්වරයෙකුගේ වස්තුව අත් කර ගැනීම සඳහා අනිත්) විශ්වාසවන්තයින්ටත් වඩාද, හිජ්රත් කරන්නන්ටත් වඩාද, එක් (මුස්ලිම්වරයෙකුගේ) ඥාතීන්ම අල්ලාහ්ගේ (මෙම) ධර්මයෙහි ඇති ප්‍රකාර සමීප (උරුමය ඇති) අය වන්නාහ. (එබැවින් ඔවුනොවුන්ගේ ප්‍රතිශතයට අනුව වස්තුව ඥාතීන් අතරේ ඛෙදා දිය යුතුය). එහෙත් ඔබගේ මිතුරන් වෙත, ඔබ ගෞරවණීය අන්දමට හැසිරිය යුතුය. මේ ආකාරයටම ධර්මයෙහි සැලසුම් කරනු ලැබ ඇත්තේය