Surah Saba Verse 23 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Sabaوَلَا تَنفَعُ ٱلشَّفَٰعَةُ عِندَهُۥٓ إِلَّا لِمَنۡ أَذِنَ لَهُۥۚ حَتَّىٰٓ إِذَا فُزِّعَ عَن قُلُوبِهِمۡ قَالُواْ مَاذَا قَالَ رَبُّكُمۡۖ قَالُواْ ٱلۡحَقَّۖ وَهُوَ ٱلۡعَلِيُّ ٱلۡكَبِيرُ
“ඔහුගේ අනුමැතිය ලබා ගත් අය හැර, (අන් කිසිම මලායිකාවරයෙකුට හෝ) ඔහු වෙත මැදිහත් වී කතා කිරීමෙහි ප්‍රයෝජනයක් අත් වන්නේ නැත. (අල්ලාහ්ගේ යම්කිසි නියෝගයක්නික්මෙන විට, ඔවුන් බිය වී වෙව්ලන්නාහ). ඔවුන්ගේ හෘදයන්හි තිබී වෙව්ලීම පහ වී ගිය වහාම (ඔවුන්ගෙන් කෙනෙකු අනිත් අයට)“ඔබගේ දෙවියන් කුමන නියෝගයක් නිකුත් කළේද?”යි විමසන්නාහ.එයට අනිත් අය “(නිකුත් කළ යුතු) සත්‍යය (වූ නියෝගයන්)ම නිකුත් කළේය. ඔහු නම්, ඉතාමත් උසස්වන්තයෙකු හා ඉතාමත්විශාලවන්තයෙකුද වන්නේය” යයි පවසන්නාහ