Surah Fatir Verse 10 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Fatirمَن كَانَ يُرِيدُ ٱلۡعِزَّةَ فَلِلَّهِ ٱلۡعِزَّةُ جَمِيعًاۚ إِلَيۡهِ يَصۡعَدُ ٱلۡكَلِمُ ٱلطَّيِّبُ وَٱلۡعَمَلُ ٱلصَّـٰلِحُ يَرۡفَعُهُۥۚ وَٱلَّذِينَ يَمۡكُرُونَ ٱلسَّيِّـَٔاتِ لَهُمۡ عَذَابٞ شَدِيدٞۖ وَمَكۡرُ أُوْلَـٰٓئِكَ هُوَ يَبُورُ
කවුරුන් (ශ්‍රේෂ්ඨ වූ) ගෞරවය කැමති වන්නේද, (ඔහු අල්ලාහ්ට අවනත වී කටයුතු කළ යුතුය. මන්දයත්) ගෞරවයන් සියල්ලම අල්ලාහ්ටම අයත් දැයයි. (කලිමා තයියිබ්, සලවාත් වැනි) ශුද්ධ වූ වදන් ඔහුගේ සන්නිධානය වෙත නැගෙන්නේය. දැහැමි ක්‍රියාවන් ඔහුම උඩට ඔසවන්නේය. (නබියේ!) කවුරුන් (ඔබට) විපතක් කිරීමට කුමන්ත්‍රණ කරන්නෝද, ඔවුන්ට දරුණු දඬුවම් ඇත. මොවුන්ගේ කුමන්ත්‍රණ (කිසිම දැයක් ඉතිරි නොවී) විනාශ වී යනු ඇත