Surah Az-Zumar Verse 23 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Az-Zumarٱللَّهُ نَزَّلَ أَحۡسَنَ ٱلۡحَدِيثِ كِتَٰبٗا مُّتَشَٰبِهٗا مَّثَانِيَ تَقۡشَعِرُّ مِنۡهُ جُلُودُ ٱلَّذِينَ يَخۡشَوۡنَ رَبَّهُمۡ ثُمَّ تَلِينُ جُلُودُهُمۡ وَقُلُوبُهُمۡ إِلَىٰ ذِكۡرِ ٱللَّهِۚ ذَٰلِكَ هُدَى ٱللَّهِ يَهۡدِي بِهِۦ مَن يَشَآءُۚ وَمَن يُضۡلِلِ ٱللَّهُ فَمَا لَهُۥ مِنۡ هَادٍ
අල්ලාහ් ඉතාමත් අලංකාරවත් පුවත්ම (මෙම) ධර්මයෙහි පහළ කර ඇත්තේය. (මෙහි ඇති ආයාවන් එකකට එකක් පටහැනි නොවී) එකක් තවත් එකක් මගින් බැඳී (තිඛෙන අතර මනසෙහි ධාරණය වනු පිණිස එකම කාරණාව) නැවත නැවතත් (විවිධ ආකාරයට) පවසනු ලැබ ඇත්තේය. කවුරුන් තමන්ගේ දෙවියන්ට බිය වන්නෝද, (ඔවුන් එය ඇසූ සැණින්) ඔවුන්ගේ රෝම කූප පොපියන්නේය. පසුව ඔවුන්ගේ සම් හා හෘදයන්ද අල්ලාහ්ගේ සිතුවිල්ලෙහිම මෘදු වන්නේය. මෙයම අල්ලාහ්ගේ ඍජු මාර්ගය වන්නේය. තමන් කැමති අයව ඔහු මෙමගින් ඍජු මාර්ගයෙහි ඇතුළු කරන්නේය. කවුරුන්ව අල්ලාහ් දුර්මාර්ගයෙහි අත්හැර දමන්නේද, ඔහුව ඍජු මාර්ගයෙහි ඇතුළු කළ හැකි කිසිවෙකුත් නැත