Surah An-Nisa Verse 100 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Nisa۞وَمَن يُهَاجِرۡ فِي سَبِيلِ ٱللَّهِ يَجِدۡ فِي ٱلۡأَرۡضِ مُرَٰغَمٗا كَثِيرٗا وَسَعَةٗۚ وَمَن يَخۡرُجۡ مِنۢ بَيۡتِهِۦ مُهَاجِرًا إِلَى ٱللَّهِ وَرَسُولِهِۦ ثُمَّ يُدۡرِكۡهُ ٱلۡمَوۡتُ فَقَدۡ وَقَعَ أَجۡرُهُۥ عَلَى ٱللَّهِۗ وَكَانَ ٱللَّهُ غَفُورٗا رَّحِيمٗا
(මෙසේ තිබියදී) අල්ලාහ්ගේ මාර්ගයෙහි කවුරුන් (තමන් උන් හිටි ස්ථානය අත්හැර දමා) පිටමං වී යන්නේද, ඔහු භූමියෙහි සැප පහසු අපමණ ස්ථානයන්ද, විවිධ සැප සම්පත්ද අත් කර ගන්නේය. කවුරුන් හෝ තම නිවස අත්හැර දමා පිටමං වී අල්ලාහ් දෙසටද, ඔහුගේ දූතයා දෙසටද යන මාර්ගයෙහි මිය ගියහොත් ඔහුගේ වටිනා ඵලවිපාක නියත වශයෙන්ම අල්ලාහ් කෙරෙහි අනිවාර්යය වන්නේය. (මන්දයත් මෙවැන්නන්ට) අල්ලාහ් ඉතාමත් පව් ක්ෂමා කරන්නෙකු වශයෙන්ද, දයාව පහළ කරන්නෙකු වශයෙන්ද සිටින්නේය