Surah An-Nisa Verse 102 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Nisaوَإِذَا كُنتَ فِيهِمۡ فَأَقَمۡتَ لَهُمُ ٱلصَّلَوٰةَ فَلۡتَقُمۡ طَآئِفَةٞ مِّنۡهُم مَّعَكَ وَلۡيَأۡخُذُوٓاْ أَسۡلِحَتَهُمۡۖ فَإِذَا سَجَدُواْ فَلۡيَكُونُواْ مِن وَرَآئِكُمۡ وَلۡتَأۡتِ طَآئِفَةٌ أُخۡرَىٰ لَمۡ يُصَلُّواْ فَلۡيُصَلُّواْ مَعَكَ وَلۡيَأۡخُذُواْ حِذۡرَهُمۡ وَأَسۡلِحَتَهُمۡۗ وَدَّ ٱلَّذِينَ كَفَرُواْ لَوۡ تَغۡفُلُونَ عَنۡ أَسۡلِحَتِكُمۡ وَأَمۡتِعَتِكُمۡ فَيَمِيلُونَ عَلَيۡكُم مَّيۡلَةٗ وَٰحِدَةٗۚ وَلَا جُنَاحَ عَلَيۡكُمۡ إِن كَانَ بِكُمۡ أَذٗى مِّن مَّطَرٍ أَوۡ كُنتُم مَّرۡضَىٰٓ أَن تَضَعُوٓاْ أَسۡلِحَتَكُمۡۖ وَخُذُواْ حِذۡرَكُمۡۗ إِنَّ ٱللَّهَ أَعَدَّ لِلۡكَٰفِرِينَ عَذَابٗا مُّهِينٗا
(නබියේ! යුද බිමෙහි) ඔබත් ඔවුන් සමග සිට, ඔවුන්ට සලාතය මෙහෙයවීමට ඔබ (ඉමාම් වශයෙන්) ඉදිරියෙන් සිටියහොත් ඔවුන්ගෙන් එක් කණ්ඩායමක් (පමණක්) තමන්ගේ ආයුධ අතැතිවම ඔබ සමග සලාත් කළ යුතුය. මොවුන් ඔබ සමග (සලාත් කර) සජදා කළහොත්, ඔවුන් (සලාත් කරන කණ්ඩායමෙන් ඈත් වී) ඔබගේ පසුපසින් (ඔබව ආරක්ෂා කරමින්) මුර කළ යුතුය. (එසේම) සලාත් නොකර සිටි තවත් කණ්ඩායමක් පැමිණ ඔබ සමග එක්කාසු වී සලාත් කළ යුතුය. එහෙත් ඔවුන්ද තමන්ගේ ආයුධ අතැතිවම තමන් කෙරෙහි ඉතාමත් ප්‍රවේසම් සහිතව සිටිය යුතුය. (මන්දයත්) ඔබ, ඔබගේ වස්තූන්ගෙන්ද ඔබගේ ආයුධවලින්ද නොසැලකිලිමත් වුවහොත් ඔබ කෙරෙහි එක පහරින් (ඒ සියල්ල) අත් කර ගත යුතුය යයි එම ප්‍රතික්ෂේප කරන්නන් කැමති වන්නාහ. මෙසේ තිබියදී වර්ෂාවේ අපහසුතාවයෙන් නැතහොත් ඔබ අසනීපයෙන් සිටීම නිසා හෝ ඔබගේ ආයුධ (අතින් අල්ලා ගැනීමට නොහැකි වුවහොත්) බිම තැබීමෙහි ඔබ කෙරෙහි වරදක් නැත. එහෙත් ඔබ, (ඔබගේ ආත්මාරක්ෂාව සඳහා) සුදානමින්ම සිටිනු. නියත වශයෙන්ම අල්ලාහ් ප්‍රතික්ෂේප කරන්නන්ට අවමන් ගෙන දෙන දඬුවම පිළියෙල කර තබා ඇත්තේය