Surah An-Nisa Verse 11 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Nisaيُوصِيكُمُ ٱللَّهُ فِيٓ أَوۡلَٰدِكُمۡۖ لِلذَّكَرِ مِثۡلُ حَظِّ ٱلۡأُنثَيَيۡنِۚ فَإِن كُنَّ نِسَآءٗ فَوۡقَ ٱثۡنَتَيۡنِ فَلَهُنَّ ثُلُثَا مَا تَرَكَۖ وَإِن كَانَتۡ وَٰحِدَةٗ فَلَهَا ٱلنِّصۡفُۚ وَلِأَبَوَيۡهِ لِكُلِّ وَٰحِدٖ مِّنۡهُمَا ٱلسُّدُسُ مِمَّا تَرَكَ إِن كَانَ لَهُۥ وَلَدٞۚ فَإِن لَّمۡ يَكُن لَّهُۥ وَلَدٞ وَوَرِثَهُۥٓ أَبَوَاهُ فَلِأُمِّهِ ٱلثُّلُثُۚ فَإِن كَانَ لَهُۥٓ إِخۡوَةٞ فَلِأُمِّهِ ٱلسُّدُسُۚ مِنۢ بَعۡدِ وَصِيَّةٖ يُوصِي بِهَآ أَوۡ دَيۡنٍۗ ءَابَآؤُكُمۡ وَأَبۡنَآؤُكُمۡ لَا تَدۡرُونَ أَيُّهُمۡ أَقۡرَبُ لَكُمۡ نَفۡعٗاۚ فَرِيضَةٗ مِّنَ ٱللَّهِۗ إِنَّ ٱللَّهَ كَانَ عَلِيمًا حَكِيمٗا
ඔබගේ දරුවන්ගෙන් (පිරිමින්ද ගැහැනුන්ද සිටියහොත් එක්) පිරිමියෙකුට ගැහැනුන් දෙදෙනෙකුට අයත් දැය මෙන් පංගුවක් ඇතැයි අල්ලාහ් ඔබට නියෝග කරන්නේය. (ඔබගේ දරුවන් වන) ඔවුන් (පිරිමින් නොමැතිව) කාන්තාවන් වශයෙන් පමණක් සිට, ඔවුන් (දෙදෙනෙකු වශයෙන්ද නැතහොත්) දෙදෙනෙකුට වඩා වැඩියෙන් සිටියහොත් (කී දෙනෙකු වශයෙන් සිටියා වුවද) ඔහු, (මිය ගිය අය) අත්හැර දමා ගිය දේපළවලින් තුනෙන් දෙකක කොටසක්ම (තමන් තුළ සමාන වශයෙන් අයත් වන්නේය). එකම එක කාන්තාවක් සිටියහොත් හෝ ඇයට (මිය ගිය අය අත්හැර දමා ගිය දේපළවලින්) අඩක් ඇත. (ඔබගෙන් මිය ගිය) ඔහුට, දරුවන්ද තිබී, ඔහුගේ (දෙමව්පියන්ද සිටියහොත්) මව, පියා යන දෙදෙනාටම (මිය ගිය අය) අත්හැර දමා ගිය දේපළවලින් හයෙන් එක් පංගුවක් ඇත. (මිය ගිය) ඔහුට දරුවන් කිසිවෙකු නොමැතිව සිටියදී, දෙමව්පියන් (පමණක්) ඔහුට උරුමක්කාරයින් වශයෙන් වුවහොත් ඔහුගේ මවට තුනෙන් එක් පංගුවකි. (අනිත් පංගු දෙකම පියාට අත් වන්නේය. මෙවැනි තත්වයකදී මිය ගිය) ඔහුට, සහෝදරයින් (කිහිප) දෙනෙකු සිටියහොත් මවට හයෙන් එක් පංගුවකි. (ඉතිරිය පියාට අයත් වන්නේය. එක් සහෝදරයෙකු නැතහොත් එක් සහෝදරියක් පමණක් සිටියහොත් මවට තුනෙන් එක් පංගුවකි. මේ සියල්ල) මරණ ශාසනය (හෙවත් අන්තිම කැමැත්ත)ද, ණය බරද, නිදහස් කිරීමෙන් පසුවම (ඉතිරිව ඇති දේපළවලින් අත් කර ගත යුතුය). ඔබගේ පියා හෝ නැතහොත් ඔබගේ දරුවන් හෝ මොවුන්ගෙන් ඔබට ප්‍රයෝජන ගෙන දෙන්නන්ගෙන් ඉතාමත් සමීප වන්නන් කවුරුන්දැයි යන්න ඔබ නොදන්නෙහුය. (එබැවින් මේවා) අල්ලාහ් විසින් (ඔබ කෙරෙහි) නියම කර ඇත්තේය. නියත වශයෙන්ම අල්ලාහ් ඉතාමත් දන්නෙකු හා ඥානවන්තයෙකු වශයෙන් සිටින්නේය. (එබැවින් ඔහු නියම කළ ආකාරයටම ඛෙදා ගනු)