Surah An-Nisa Verse 12 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Nisa۞وَلَكُمۡ نِصۡفُ مَا تَرَكَ أَزۡوَٰجُكُمۡ إِن لَّمۡ يَكُن لَّهُنَّ وَلَدٞۚ فَإِن كَانَ لَهُنَّ وَلَدٞ فَلَكُمُ ٱلرُّبُعُ مِمَّا تَرَكۡنَۚ مِنۢ بَعۡدِ وَصِيَّةٖ يُوصِينَ بِهَآ أَوۡ دَيۡنٖۚ وَلَهُنَّ ٱلرُّبُعُ مِمَّا تَرَكۡتُمۡ إِن لَّمۡ يَكُن لَّكُمۡ وَلَدٞۚ فَإِن كَانَ لَكُمۡ وَلَدٞ فَلَهُنَّ ٱلثُّمُنُ مِمَّا تَرَكۡتُمۚ مِّنۢ بَعۡدِ وَصِيَّةٖ تُوصُونَ بِهَآ أَوۡ دَيۡنٖۗ وَإِن كَانَ رَجُلٞ يُورَثُ كَلَٰلَةً أَوِ ٱمۡرَأَةٞ وَلَهُۥٓ أَخٌ أَوۡ أُخۡتٞ فَلِكُلِّ وَٰحِدٖ مِّنۡهُمَا ٱلسُّدُسُۚ فَإِن كَانُوٓاْ أَكۡثَرَ مِن ذَٰلِكَ فَهُمۡ شُرَكَآءُ فِي ٱلثُّلُثِۚ مِنۢ بَعۡدِ وَصِيَّةٖ يُوصَىٰ بِهَآ أَوۡ دَيۡنٍ غَيۡرَ مُضَآرّٖۚ وَصِيَّةٗ مِّنَ ٱللَّهِۗ وَٱللَّهُ عَلِيمٌ حَلِيمٞ
ඔබගේ භාර්යයාවන් (මිය ගිය ඔවුන්)ට දරුවන් කිසිවෙකුත් නොතිබුණහොත් ඔවුන් අත්හැර දමා ගිය දැයෙන් ඔබට පංගුවක් ඇත. ඔවුන්ට දරුවන් සිටියහොත්, ඔවුන් අත්හැර දමා ගිය දැයෙන් ඔබට හතරෙන් එක් පංගුවක්ම (ලැඛෙන්නේය). එයත් ඔවුන්ගේ අන්තිම කැමැත්තද, ණය බරද ගෙවුවායින් පසුවය! ඔබට දරුවන් නොමැතිව සිටියදී (ඔබ මිය ගියහොත් හෝ ඔබගේ භාර්යයාවන් වන) ඔවුන්ට ඔබ අත්හැර දමා ගිය දේපළවලින් හතරෙන් එක් පංගුවක් (ලැඛෙන්නේය). ඔබට දරුවන් සිටියහොත් හෝ ඔබ අත්හැර දමා ගිය දැයෙන් අටෙන් එක් පංගුවක්ම ඔවුන්ට ඇත. එයත් (ඔබගේ) අන්තිම කැමැත්තද, ණයද ගෙවීමෙන් පසුවය! (පියා, සීයා, දරුවා, මුණුබුරා ආදී) උරුමක්කාරයින් නොමැති එක් පිරිමියෙකු හෝ නැතහොත් එක් කාන්තාවක් හෝ මිය ගොස් (ඔවුන්ට එකම මවකගේ) එක සහෝදරයෙකු නැතහොත් (එකම මවකගේ) එක සහෝදරියක් සිටියහොත් ඔවුන්ගෙන් සෑම කෙනෙකුටම (මිය ගිය අය අත්හැර දමා ගිය දැයෙන්) හයෙන් එක් පංගුවක් ඇත. මීට වැඩියෙන් (එනම්, කෙනෙකුට වැඩි එක් සහෝදරයෙකුද, එක් සහෝදරියක්ද, නැතහොත් සහෝදරයින් දෙදෙනෙකුද, නැතහොත් සහෝදරියන් දෙදෙනෙකුද) සිටියහොත් (දේපළවලින්) තුනෙන් එක් පංගුවකින් ඔවුන් (සියල්ලන්ම) සමාන කොටස්කරුවන්ය. මෙයත් (ඔහුගේ) අන්තිම කැමැත්ත හා ණය ආදිය ගෙවීමෙන් පසුවය! එහෙත් (අන්තිම කැමැත්ත මගින් උරුමක්කාරයින්ගෙන් කිසිවෙකුටත්) පාඩුවක් ඇති නොකරන්නෙකු වශයෙන් සිටිය යුතුය. (මෙය) අල්ලාහ්ගේ නියෝගයක් වන්නේය. අල්ලාහ් හොඳින් දන්නෙකු හා ඉතාමත් ඉවසිලිවන්තයෙකුද වශයෙන් සිටින්නේය