Surah An-Nisa Verse 25 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Nisaوَمَن لَّمۡ يَسۡتَطِعۡ مِنكُمۡ طَوۡلًا أَن يَنكِحَ ٱلۡمُحۡصَنَٰتِ ٱلۡمُؤۡمِنَٰتِ فَمِن مَّا مَلَكَتۡ أَيۡمَٰنُكُم مِّن فَتَيَٰتِكُمُ ٱلۡمُؤۡمِنَٰتِۚ وَٱللَّهُ أَعۡلَمُ بِإِيمَٰنِكُمۚ بَعۡضُكُم مِّنۢ بَعۡضٖۚ فَٱنكِحُوهُنَّ بِإِذۡنِ أَهۡلِهِنَّ وَءَاتُوهُنَّ أُجُورَهُنَّ بِٱلۡمَعۡرُوفِ مُحۡصَنَٰتٍ غَيۡرَ مُسَٰفِحَٰتٖ وَلَا مُتَّخِذَٰتِ أَخۡدَانٖۚ فَإِذَآ أُحۡصِنَّ فَإِنۡ أَتَيۡنَ بِفَٰحِشَةٖ فَعَلَيۡهِنَّ نِصۡفُ مَا عَلَى ٱلۡمُحۡصَنَٰتِ مِنَ ٱلۡعَذَابِۚ ذَٰلِكَ لِمَنۡ خَشِيَ ٱلۡعَنَتَ مِنكُمۡۚ وَأَن تَصۡبِرُواْ خَيۡرٞ لَّكُمۡۗ وَٱللَّهُ غَفُورٞ رَّحِيمٞ
ඔබගෙන් කවුරුන්ට නිදහස් විශ්වාසවන්ත කාන්තාවන්ව විවාහ කර ගැනීමට ශක්තියක් නොමැත්තේද, ඔහු විශ්වාසවන්ත කාන්තාවන්ගෙන් ඔබගේ යටතෙහි සිටින (වහල්) ස්ත්‍රියක් (විවාහය මගින්) ලබා ගත හැකිය. අල්ලාහ් ඔබගේ විශ්වාසය හොඳින් දැනගෙනම සිටින්නේය. (මෙවැනි කාන්තාවන්ව අවමානයෙන් යුතුව නොසිතනු. විශ්වාසවන්තයින් වන) ඔබගෙන් කවුරුන් වුවත් අන් කෙනෙකුට සම වන්නේය. එබැවින් (විශ්වාසය තැබූ වහල් ස්ත්‍රීන්වද), ඔවුන්ගේ හාම්පුතාගේ අනුමැතිය ලබා ගෙන, නීති ප්‍රකාර ඔවුන්ට අයත් මහර්ද ඔවුන් වෙත ලබා දීමෙන් අනතුරුව, ඔබ ඔවුන්ව විවාහ කර ගත යුතුය. (එම කාන්තාවන්) වශ්‍යාවන් වශයෙන් හෝ අපචාරයේ හැසිරෙන්නන් වශයෙන් හෝ සිටිය නොයුතුය. (නැතහොත් අනියම් බිරියක් වශයෙන්ද ඔබ ඔවුන් සමග සම්බන්ධකම් නොපැවැත්විය යුතුය. මෙසේ) විවාහ කර ගනු ලැබූ (වහල්) ස්ත්‍රිය අපචාරයෙහි යෙදුනහොත්, ඇයට (මෙවැනි වැරැද්දක් කළ වහල් නොවන) විවාහ වූ අයිතිය ඇති කාන්තාවන්ට නියම කරනු ලබන දඬුවමෙන් අඩක් නියම කරනු ලැබේ. (තවද) ඔබගෙන් කවුරුන් (බිරිඳක් නොමැතිව සිටියහොත් තමන් විසින්) පාපයක් සිදු විය හැකිය යයි බිය වන්නෙහුද, ඔවුන්ටම මෙය (වලංගු වන්නේය). එහෙත් ඔබ (විවාහය නොමැතිවම) ඉවසා සිටීමට (හැකි නම්, එයම) ඔබට අගනේය. අල්ලාහ් (වැරදි වලට) සමාව දෙන්නෙකු වශයෙන් හා ඉතාමත් දයාබරවන්තයෙකු වශයෙන්ද සිටින්නේය