Surah An-Nisa Verse 24 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Nisa۞وَٱلۡمُحۡصَنَٰتُ مِنَ ٱلنِّسَآءِ إِلَّا مَا مَلَكَتۡ أَيۡمَٰنُكُمۡۖ كِتَٰبَ ٱللَّهِ عَلَيۡكُمۡۚ وَأُحِلَّ لَكُم مَّا وَرَآءَ ذَٰلِكُمۡ أَن تَبۡتَغُواْ بِأَمۡوَٰلِكُم مُّحۡصِنِينَ غَيۡرَ مُسَٰفِحِينَۚ فَمَا ٱسۡتَمۡتَعۡتُم بِهِۦ مِنۡهُنَّ فَـَٔاتُوهُنَّ أُجُورَهُنَّ فَرِيضَةٗۚ وَلَا جُنَاحَ عَلَيۡكُمۡ فِيمَا تَرَٰضَيۡتُم بِهِۦ مِنۢ بَعۡدِ ٱلۡفَرِيضَةِۚ إِنَّ ٱللَّهَ كَانَ عَلِيمًا حَكِيمٗا
සැමියන් සිටින කාන්තාවන්වද (ඔබට විවාහ කර ගැනීම තහනම් කර ඇත්තේය. එහෙත් ප්‍රතික්ෂේප කරන්නන් සමග සිදු වූ යුද්ධයෙන් ත් අඩංගුවට ගනු ලැබ) ඔබගේ යටතෙහි සිටින (වහල්) ස්ත්‍රීන් හැර. (මෙසේ) අල්ලාහ් ඔබ කෙරෙහි නියම කර ඇත්තේය. මොවුන් හැර, අනිත් කාන්තාවන්ව වැරදි අන්දමින් සුවය නොවිඳ, (විවාහ දීමනාව වන) මහර් නියම කර, (නීති ප්‍රකාර විවාහය මගින්) සොයා ගැනීම ඔබට අනුමත කරනු ලැබ ඇත්තේය. එබැවින් (මෙසේ විවාහ කර නොගත් කාන්තාවන් වන) ඔවුන් වෙත ඔබ සුවය වින්ඳහොත්, ඔවුන්ට නියම කරන ලද මහර් ඔවුන් වෙත (අඩුපාඩුවකින් තොරව) ඔබ ගෙවා දමනු. එහෙත් මහර් නියම කිරීමෙන් පසු, (එය අඩු කිරීමට හෝ වැඩි කිරීමට හෝ) දෙදෙනාම කැමති වුවහොත් එයින් ඔබ කෙරෙහි කිසිම වරදක් නැත. නියත වශයෙන්ම අල්ලාහ් (ඔබගේ ක්‍රියාවන්) හොඳින් දන්නෙකු හා ඥානවන්තයෙකු වශයෙන්ද සිටින්නේය