Surah An-Nisa Verse 23 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Nisaحُرِّمَتۡ عَلَيۡكُمۡ أُمَّهَٰتُكُمۡ وَبَنَاتُكُمۡ وَأَخَوَٰتُكُمۡ وَعَمَّـٰتُكُمۡ وَخَٰلَٰتُكُمۡ وَبَنَاتُ ٱلۡأَخِ وَبَنَاتُ ٱلۡأُخۡتِ وَأُمَّهَٰتُكُمُ ٱلَّـٰتِيٓ أَرۡضَعۡنَكُمۡ وَأَخَوَٰتُكُم مِّنَ ٱلرَّضَٰعَةِ وَأُمَّهَٰتُ نِسَآئِكُمۡ وَرَبَـٰٓئِبُكُمُ ٱلَّـٰتِي فِي حُجُورِكُم مِّن نِّسَآئِكُمُ ٱلَّـٰتِي دَخَلۡتُم بِهِنَّ فَإِن لَّمۡ تَكُونُواْ دَخَلۡتُم بِهِنَّ فَلَا جُنَاحَ عَلَيۡكُمۡ وَحَلَـٰٓئِلُ أَبۡنَآئِكُمُ ٱلَّذِينَ مِنۡ أَصۡلَٰبِكُمۡ وَأَن تَجۡمَعُواْ بَيۡنَ ٱلۡأُخۡتَيۡنِ إِلَّا مَا قَدۡ سَلَفَۗ إِنَّ ٱللَّهَ كَانَ غَفُورٗا رَّحِيمٗا
ඔබගේ මව්වරුන්ද, ඔබගේ දියණියන්ද, ඔබගේ සහෝදරියන්ද, ඔබගේ පියාගේ සහෝදරියන්ද, ඔබගේ මවගේ සහෝදරියන්ද, ඔබගේ සහෝදරයින්ගේ දියණියන්ද, ඔබගේ සහෝදරියගේ දියණියන්ද, ඔබට කිරි දුන් ඔබගේ කිරි මව්වරුන්ද, ඔබගේ කිරි මෙන් වූ සහෝදරියන්ද, ඔබගේ භාර්යයාවන්ගේ මව්වරුන්ද, (ආදී මොවුන්ව ඔබ විවාහ කර ගැනීම) ඔබට තහනම් කරනු ලැබ ඇත. (ඔබ එක් කාන්තාවක් විවාහ කරගෙන) එසේම (ඔබ විවාහ කර ගත් අයගෙන්) ඔබ එක්කාසු වූ බිරිඳගේ පෙර සිටි ස්වාමිපුරුෂයාට දාව උපන් හා ඔබ වෙත හැදී වැඩෙන (බිරිඳගේ) දියණියද (ඔබට විවාහ කර ගැනීම තහනම්ය). නමුත් (ඔබ විවාහ කරගෙන) ඇය සමග එක්කාසු නොවී සිටියහොත් හෝ (ඇයව පහ කර, ඇයට පෙර සිටි ස්වාමිපුරුෂයාට දාව උපන් දියණිය විවාහ කර ගැනීමෙහි) ඔබ කෙරෙහි වරදක් නැත. ඔබට උපන් ඔබගේ පුතුන්ගේ භාර්යයාවන්ද (ඔබට විවාහ කර ගැනීම තහනම් කරනු ලැබ ඇත්තේය). සහෝදරියන් දෙදෙනෙකු (එකම සමයෙහි භාර්යයාවන් වශයෙන්) එකට එක්කාසු කර තැබීමද (තහනම් කරනු ලැබ ඇත්තේය). මීට පෙර ඉකුත් වී ගිය දැය හැර. (නොදැනුවත්ව සිටියදී ඔබ පෙර කර තිබූ වැරදි ගැන) නියත වශයෙන්ම අල්ලාහ් ක්ෂමා කරන්නෙකු හා දයාබරවද සිටින්නේය