Surah An-Nisa Verse 32 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Nisaوَلَا تَتَمَنَّوۡاْ مَا فَضَّلَ ٱللَّهُ بِهِۦ بَعۡضَكُمۡ عَلَىٰ بَعۡضٖۚ لِّلرِّجَالِ نَصِيبٞ مِّمَّا ٱكۡتَسَبُواْۖ وَلِلنِّسَآءِ نَصِيبٞ مِّمَّا ٱكۡتَسَبۡنَۚ وَسۡـَٔلُواْ ٱللَّهَ مِن فَضۡلِهِۦٓۚ إِنَّ ٱللَّهَ كَانَ بِكُلِّ شَيۡءٍ عَلِيمٗا
ඔබගෙන් සමහරෙකුව සමහරෙකු මත අල්ලාහ් උසස් කර (දයාව පහළ කර) තිබීම ගැන ඔබ තන්හාව අති කර නොගනු. පිරිමින්ට ඔවුන් හරි හම්බ කර ගත් දැයෙන් (වරප්‍රසාදයෙන්ද, වස්තූන්ගෙන්ද) කොටසක් අයිතිය. (එසේම) කාන්තාන්ටද ඔවුන් හරි හම්බ කර ගත් දැයෙන් කොටසක් අයිතිය. එබැවින් (පිරිමි, ගැහැනු සෑම කෙනෙකුම දැහැමි ක්‍රියාවන් මගින්) අල්ලාහ්ගේ වරප්‍රසාදයන් ඔහු වෙතින්ම ඉල්ලා සිටිනු. නියත වශයෙන්ම අල්ලාහ් (තම වරප්‍රසාදයන් කවුරුන්ට කොපමණ දිය යුතුද යන්න වැනි) සියල්ල හොඳින් දන්නෙකු වශයෙන් සිටින්නේය