Surah An-Nisa Verse 6 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Nisaوَٱبۡتَلُواْ ٱلۡيَتَٰمَىٰ حَتَّىٰٓ إِذَا بَلَغُواْ ٱلنِّكَاحَ فَإِنۡ ءَانَسۡتُم مِّنۡهُمۡ رُشۡدٗا فَٱدۡفَعُوٓاْ إِلَيۡهِمۡ أَمۡوَٰلَهُمۡۖ وَلَا تَأۡكُلُوهَآ إِسۡرَافٗا وَبِدَارًا أَن يَكۡبَرُواْۚ وَمَن كَانَ غَنِيّٗا فَلۡيَسۡتَعۡفِفۡۖ وَمَن كَانَ فَقِيرٗا فَلۡيَأۡكُلۡ بِٱلۡمَعۡرُوفِۚ فَإِذَا دَفَعۡتُمۡ إِلَيۡهِمۡ أَمۡوَٰلَهُمۡ فَأَشۡهِدُواْ عَلَيۡهِمۡۚ وَكَفَىٰ بِٱللَّهِ حَسِيبٗا
තවද අනාථයින් (අනාථ දරුවන්)ව ඔවුන් විවාහ වයස අත් කර ගන්නා තුරු (රක්ෂාව, වැඩ කටයුතු ආදියෙහි යොදවා පුරුදු පුහුණු කර, අධ්‍යාපනයද ලබා දී) අවධානයෙන් යුතුව සිටිනු. (තමන්ගේ දේපළ පාලනය කරන්නට හැකි) බුද්ධියක් ඔවුන් වෙත ඇති බවට ඔබ දුටුවහොත් ඔවුන්ගේ දේපළ ඔවුන් වෙත බාර දෙනු. ඔවුන් වැඩි වියට පත් වී (තමන්ගේ දේපළ ලබා ගෙන) යනු ඇතැයි (සිතා) ඔවුන්ගේ දේපළ ඉක්මන් ඉකමන් වීද, සීමාව ඉක්මවාද ඔබ කා නොදමනු. (අනාථයින්ගේ දේපළට භාරකාරයින් වන) ඔහු, ධනපතියෙකු වශයෙන් සිටියහොත් (අනාථයින්ගේ දේපළවලින් තමන් වෙනුවෙන් කිසිවක් ප්‍රයෝජනයට නොගෙන එය පාලනය කිරීම සඳහා දීමනාවක් ලබා නොගෙන) වැළකී සිටිනු. ඔහු දුප්පතෙකු වශයෙන් සිටියහොත් නම්, සාධාරණ ප්‍රමාණයකින් (එයින්) ඔහුත් අනුභව කරනු. ඔවුන්ගේ දේපළ ඔවුන්ට බාර දෙන විට, ඔවුන් වෙනුවෙන් සාක්ෂි පත් කර ගනු. (සත්‍ය) ගිණුම් දැන ගැනීමට අල්ලාහ් ප්‍රමාණවත් කෙනෙකු වශයෙන් සිටින්නේය. (එබැවින් ඔවුන්ගේ ගිණුම්හි වංචාවන් කිසිවක් නොකරනු)