Surah An-Nisa Verse 72 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Nisaوَإِنَّ مِنكُمۡ لَمَن لَّيُبَطِّئَنَّ فَإِنۡ أَصَٰبَتۡكُم مُّصِيبَةٞ قَالَ قَدۡ أَنۡعَمَ ٱللَّهُ عَلَيَّ إِذۡ لَمۡ أَكُن مَّعَهُمۡ شَهِيدٗا
(යුද්ධයට නොගොස්) පසුබැස සිටින අයද නියත වශයෙන්ම ඔබ අතරේ සමහරෙක් ඇත. (ඔවුන් වංචනිකයින්ය! මන්දයත් යුද්ධයට ගිය) ඔබට යම්කිසි අමාරුකමක් ඇති වුවහොත් නම්, ඔහු (ඔවුන්ගෙන් කෙනෙකු) “මා ඔවුන් සමග (එහි) නොගියේ, අල්ලාහ් මා කෙරෙහි පහළ කළ දයාවකි” යයි පවසන්නේය