Surah An-Nisa Verse 77 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Nisaأَلَمۡ تَرَ إِلَى ٱلَّذِينَ قِيلَ لَهُمۡ كُفُّوٓاْ أَيۡدِيَكُمۡ وَأَقِيمُواْ ٱلصَّلَوٰةَ وَءَاتُواْ ٱلزَّكَوٰةَ فَلَمَّا كُتِبَ عَلَيۡهِمُ ٱلۡقِتَالُ إِذَا فَرِيقٞ مِّنۡهُمۡ يَخۡشَوۡنَ ٱلنَّاسَ كَخَشۡيَةِ ٱللَّهِ أَوۡ أَشَدَّ خَشۡيَةٗۚ وَقَالُواْ رَبَّنَا لِمَ كَتَبۡتَ عَلَيۡنَا ٱلۡقِتَالَ لَوۡلَآ أَخَّرۡتَنَآ إِلَىٰٓ أَجَلٖ قَرِيبٖۗ قُلۡ مَتَٰعُ ٱلدُّنۡيَا قَلِيلٞ وَٱلۡأٓخِرَةُ خَيۡرٞ لِّمَنِ ٱتَّقَىٰ وَلَا تُظۡلَمُونَ فَتِيلًا
“ඔබගේ අත් (දැනට යුද්ධ නොකර) වළක්වමින්ද, සලාතය (ස්ථීර වශයෙන්) ඉටු කරමින්ද, සකාතය ගෙවමින්ද සිටිනු” යයි කවුරුන් හට කියනු ලැබුවේද, ඔවුන්ව (නබියේ!) ඔබ දුටුවේ නැද්ද? යුද්ධ කරනු යයි ඔවුන්ට නියෝග කරනු ලැබූ විට, ඔවුන්ගෙන් එක් සමුහයක් නම්, අල්ලාහ්ට බිය වන්නාක් මෙන්, නැතහොත් ඊටත් වඩා වැඩියෙන් මිනිසුන්ට බිය වී “අපගේ දෙවියනේ! ඇයි අප කෙරෙහි යුද්ධය නියම කරන්නේ? තවත් ටික දවසකට (මෙය) කල් දැමිය යුතු නොවේද?”යි පැවසූහ. (මෙයට නබියේ!) ඔබ මෙසේ පවසනු: “මෙලොව ජීවිතය ඉතාමත් අල්පය! කවුරුන් (අල්ලාහ්ට) බිය වී කටයුතු කරන්නේද, ඔහුට පරලොව (ජීවිතය)ම ඉතාමත් අගනේය. (ඔබගේ පින් අඩු කර හෝ පාපය වැඩි කර හෝ) ඔබ එක් අනු ප්‍රමාණයකින්වත් අපරාධ කරනු නොලබන්නෙහුය”