Surah An-Nisa Verse 78 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Nisaأَيۡنَمَا تَكُونُواْ يُدۡرِككُّمُ ٱلۡمَوۡتُ وَلَوۡ كُنتُمۡ فِي بُرُوجٖ مُّشَيَّدَةٖۗ وَإِن تُصِبۡهُمۡ حَسَنَةٞ يَقُولُواْ هَٰذِهِۦ مِنۡ عِندِ ٱللَّهِۖ وَإِن تُصِبۡهُمۡ سَيِّئَةٞ يَقُولُواْ هَٰذِهِۦ مِنۡ عِندِكَۚ قُلۡ كُلّٞ مِّنۡ عِندِ ٱللَّهِۖ فَمَالِ هَـٰٓؤُلَآءِ ٱلۡقَوۡمِ لَا يَكَادُونَ يَفۡقَهُونَ حَدِيثٗا
ඔබ කොහි සිටියා වුවද, මරණය ඔබව අනිවාර්යයෙන් වැළඳ ගන්නේය. -ඉතාමත් ශක්තිමත් උස (බලකොටුවේ)- කුළුණු මත ඔබ සිටියා වුවද කම් නැත! (නබියේ! ඔබගේ නියෝගයට අනුව යුද්ධයට ගිය) ඔවුන්ව යම්කිසි හොඳක් ලැඛෙන අවස්ථාවන්හිදී මෙය අල්ලාහ් වෙතින් (අපට) ලැබුනේය යයි පවසන්නාහ. ඔවුන්ට යම්කිසි විපතක් සිදු වුවහොත් නම්, (නබියේ!) මෙය ඔබ නිසාම (අපට ඇති වූවේය) යයි පවසන්නාහ. (එබැවින්) ඔබ මෙසේ පවසනු: “(මවිසින් මගේ තනි කැමැත්තට යුද්ධ කරන මෙන් ඔබට අණ කළේ නැත. අල්ලාහ් දැනුම් දුන් අන්දමටම මා ඔබට අණ කළෙමි. එබැවින්) සියල්ල අල්ලාහ්ගේ සන්නිධානයෙන්ම ලැඛෙන්නේය”. මෙම ජනතාවට කුමක් නම් සිදු වී ඇත්ද? කිසිම කාරණාවක් මොවුන්ට දැන ගන්නට හැකි වන්නේ නැත නොවෙද