Surah Ash-Shura Verse 13 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Ash-Shura۞شَرَعَ لَكُم مِّنَ ٱلدِّينِ مَا وَصَّىٰ بِهِۦ نُوحٗا وَٱلَّذِيٓ أَوۡحَيۡنَآ إِلَيۡكَ وَمَا وَصَّيۡنَا بِهِۦٓ إِبۡرَٰهِيمَ وَمُوسَىٰ وَعِيسَىٰٓۖ أَنۡ أَقِيمُواْ ٱلدِّينَ وَلَا تَتَفَرَّقُواْ فِيهِۚ كَبُرَ عَلَى ٱلۡمُشۡرِكِينَ مَا تَدۡعُوهُمۡ إِلَيۡهِۚ ٱللَّهُ يَجۡتَبِيٓ إِلَيۡهِ مَن يَشَآءُ وَيَهۡدِيٓ إِلَيۡهِ مَن يُنِيبُ
(විශ්වාසවන්තයිනි!) නූහුට ඔහු කුමක් දේශනා කළේද, එයම ඔබටද ඔහු ධර්මයක් බවට කර ඇත්තේය. එබැවින් (නබියේ!) අපි ඔබට වහී මගින් දැනුම් දීමද, ඉබ්රාහීම්, මූසා, ඊසා ආදීන්ට අපි දේශනා කළේ කුමක්දයත් “(ඔබ එකම දෙවියන් යන ප්‍රතිපත්තියෙන් යුතු සත්‍ය වූ) ධර්මය ස්ථීරව අත් කර ගනු. එහි (විවිධ කොටස් වලට) ඛෙදා වෙන් කර නොගනු” යන්නම වන්නේය. (එබැවින්) ඔවුන්ට ඔබ ආරාධනා කරන (එකම දෙවියන් යන ප්‍රතිපත්තිය වන) මෙය, සමානයන් තබා නමදින්නන්ට ඉතාමත් භාරදූර කාර්යයක් වශයෙන් දැනෙනු ඇත. අල්ලාහ් තමන් කැමැත්තන්වම තම මාර්ගයෙහි තෝරා ගන්නේය. ඔහු දෙස බලන්නන්ටම තමන් වෙත පැමිණෙන මාර්ගයද ඔහු දැනුම් දෙන්නේය