Surah Ash-Shura Verse 15 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Ash-Shuraفَلِذَٰلِكَ فَٱدۡعُۖ وَٱسۡتَقِمۡ كَمَآ أُمِرۡتَۖ وَلَا تَتَّبِعۡ أَهۡوَآءَهُمۡۖ وَقُلۡ ءَامَنتُ بِمَآ أَنزَلَ ٱللَّهُ مِن كِتَٰبٖۖ وَأُمِرۡتُ لِأَعۡدِلَ بَيۡنَكُمُۖ ٱللَّهُ رَبُّنَا وَرَبُّكُمۡۖ لَنَآ أَعۡمَٰلُنَا وَلَكُمۡ أَعۡمَٰلُكُمۡۖ لَا حُجَّةَ بَيۡنَنَا وَبَيۡنَكُمُۖ ٱللَّهُ يَجۡمَعُ بَيۡنَنَاۖ وَإِلَيۡهِ ٱلۡمَصِيرُ
එබැවින් (නබියේ!) එම (සත්‍යය වූ ධර්මය) දෙසට (ඔවුන්ව) ඔබ ආරාධනා කරනු. ඔබට නියෝග කරන ලද අන්දමට ඔබ ස්ථීරව සිටිනු. ඔවුන්ගේ කැමත්ත ඔබ අනුගමනය නොකරනු. නැවතත් (ඔවුන්ට) ඔබ මෙසේ පවසනු: “අල්ලාහ් ධර්මය යයි කුමක් පහළ කර තැබුවේද, එයම මා විශ්වාස කරන්නෙමි. ඔබ අතරේ (ඇති ආරවුල් වලට) සාධාරණ ලෙස තීන්දු දෙන මෙන්ද මා අණ කරනු ලැබ ඇත්තෙමි. අපගේ ක්‍රියාවන්ට සරිලන ඵලවිපාක අපට ලැඛෙනු ඇත. ඔබගේ ක්‍රියාවන්ට සරිලන ඵලවිපාක ඔබට ලැඛෙනු ඇත. අපටත් ඔබටත් අතරේ කිසිම තර්කයක් අවශ්‍ය නැත. අප සියල්ලන්වම (පරලොවදී) අල්ලාහ් ඒකරාශී කරනු ඇත. ඔහු වෙතම (අපි සියල්ලන්ම) යා යුතුව ඇත්තේය