Surah Ash-Shura Verse 48 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Ash-Shuraفَإِنۡ أَعۡرَضُواْ فَمَآ أَرۡسَلۡنَٰكَ عَلَيۡهِمۡ حَفِيظًاۖ إِنۡ عَلَيۡكَ إِلَّا ٱلۡبَلَٰغُۗ وَإِنَّآ إِذَآ أَذَقۡنَا ٱلۡإِنسَٰنَ مِنَّا رَحۡمَةٗ فَرِحَ بِهَاۖ وَإِن تُصِبۡهُمۡ سَيِّئَةُۢ بِمَا قَدَّمَتۡ أَيۡدِيهِمۡ فَإِنَّ ٱلۡإِنسَٰنَ كَفُورٞ
(නබියේ! මෙතරම් දුරට විවරණය කර පැවසූ පසුද) ඔවුන් (ඔබව) ප්‍රතික්ෂේප කර හැරියහොත් (ඒ ගැන ඔබ කණගාටු නොවනු. මන්දයත්) ඔවුන්ව ආරක්ෂා කරන්නෙකු වශයෙන් අපි ඔබව යැව්වේ නැත. (ඔවුන්ට අපගේ දූත මෙහෙවර) ගෙනහැර දැක්වීම මිස, (වෙන කිසිවක්) ඔබ කෙරෙහි අනිවාර්යය යුතුකමක් නොව. අපගේ වරප්‍රසාදයන් මිනිසුන් විඳින ලෙසට සැලැස්සුවහොත් ඒ ගැන ඔහු ඇත්තෙන්ම සතුටට පත් වන්නේය. ඔහුගේ අත්ම සොයා ගත් (නපුරු) ක්‍රියාවන්ගේ හේතුවෙන් ඔහුට යම්කිසි විපතක් ඇති වූ විට, නියත වශයෙන්ම මිනිසා ගුණමකු අය බවට පත් වී (දෙවියන්වම ප්‍රතික්ෂේප කිරීමටද ඉදිරිපත්) වන්නේය