Surah Al-Ahqaf Verse 4 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Ahqafقُلۡ أَرَءَيۡتُم مَّا تَدۡعُونَ مِن دُونِ ٱللَّهِ أَرُونِي مَاذَا خَلَقُواْ مِنَ ٱلۡأَرۡضِ أَمۡ لَهُمۡ شِرۡكٞ فِي ٱلسَّمَٰوَٰتِۖ ٱئۡتُونِي بِكِتَٰبٖ مِّن قَبۡلِ هَٰذَآ أَوۡ أَثَٰرَةٖ مِّنۡ عِلۡمٍ إِن كُنتُمۡ صَٰدِقِينَ
(එබැවින් නබියේ! ඔවුන්ට) ඔබ මෙසේ පවසනු:”අල්ලාහ් හැර ඔබ (දෙවියන් යයි) කුමක් ආරාධනා කරන්නෙහුද, ඒවා ගැන ඔබ අවධානය කළෙහුද? ඒවා භූමියෙහි කුමක් නම් උත්පාදනය කර ඇත්තෙහුද යන්න ඔබ මා හට පෙන්වනු! නැතහොත් අහස්හි (ඒවායේ රාජ්‍යයන් හෝ නැතහොත් එවා උත්පාදනය කිරීමෙහි හෝ) ඒවාට කිසියම් හවුලක් ඇත්ද? ඔබ සත්‍යවන්තයින් වශයෙන් සිටින්නෙහු නම්, මෙයට (සාක්ෂි වශයෙන්) පෙර තිබූ යම්කිසි ධර්මයක්, නැතහොත් (මේ සම්බන්ධයෙන් වූ) ඥාන සාක්ෂීන් ගෙන එනු”