Surah Al-Fath Verse 25 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Fathهُمُ ٱلَّذِينَ كَفَرُواْ وَصَدُّوكُمۡ عَنِ ٱلۡمَسۡجِدِ ٱلۡحَرَامِ وَٱلۡهَدۡيَ مَعۡكُوفًا أَن يَبۡلُغَ مَحِلَّهُۥۚ وَلَوۡلَا رِجَالٞ مُّؤۡمِنُونَ وَنِسَآءٞ مُّؤۡمِنَٰتٞ لَّمۡ تَعۡلَمُوهُمۡ أَن تَطَـُٔوهُمۡ فَتُصِيبَكُم مِّنۡهُم مَّعَرَّةُۢ بِغَيۡرِ عِلۡمٖۖ لِّيُدۡخِلَ ٱللَّهُ فِي رَحۡمَتِهِۦ مَن يَشَآءُۚ لَوۡ تَزَيَّلُواْ لَعَذَّبۡنَا ٱلَّذِينَ كَفَرُواْ مِنۡهُمۡ عَذَابًا أَلِيمًا
(ඔබ ජයග්‍රහණය කළ මක්කාවාසීන් වන) මොවුන්ම (අල්ලාහ්ව ද, ඔහුගේ දූතයාවද) ප්‍රතික්ෂේප කර, ඔබවද පරිශුද්ධ වූ මස්ජිද් (නමැති කඃබාව)ට (යාමට ඉඩ නොදී) වළක්වා, කුර්බානියද එය යා යුතු ස්ථානය (වන එම) දේශ සීමාවට යාමට ඉඩ නොදී වැළැක්වූ අයයි. එහෙත් (එහි ඔවුන් සමග) ඔබ නොදැනුවත් විශ්වාසය තැබූ පිරිමින්ද, ගැහැනුන්ද, සිටියහ. (ඒ අවස්ථාවේදී ඔබගේ සතුරන්ව ඔබ කපා දැමුවහොත්) ඔවුන්ද (ඔබ නොදැනුවත්ව) ඔබගේ කකුලට පෑගී, ඒ හේතුවෙන්ම ඔබ නොදැනුවත්ව ඔබට පාඩුවක් ඇති විය හැකිය යයි නොතිබුනේ නම්, (ඒ අවස්ථාවේදී ඔවුන් සමග යුද්ධ කිරීමට ඔබට අනුමැතිය ලබා දී මක්කාවෙහි ඔබ ඇතුළු වන ලෙසටද සලස්වන්නට ඉඩ තිබුණි. එවිට, ඔබ මක්කාවෙහි ඇතුළු නොවී ඔබව ඔහු වළක්වා ගත්තේ, හුදෙයිබියා ගිවිසුමෙහි මධ්‍ය කාලයෙහි) අල්ලාහ් තමන් අදහස් කළ අයව (ඉස්ලාමය නමැති) තම දයාවෙහි ඇතුළු කිරීමටය. (ඔබ නොදැනුවත් මක්කාවෙහි සිටින විශ්වාසවන්තයින් වන) ඔවුන්, (ඔවුන්ගෙන්) ඈත් වුවහොත් (ඔවුන් කෙරෙහි යුද්ධ කිරීමට ඔබට අනුමැතිය ලබා දී) ඔවුන්ගෙන් වූ ප්‍රතික්ෂේප කරන්නන්ව අපි දරුණු ලෙසටම වේදනා කර, දඬුවම් කර ඇත්තෙමු