Surah Al-Fath Verse 29 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Fathمُّحَمَّدٞ رَّسُولُ ٱللَّهِۚ وَٱلَّذِينَ مَعَهُۥٓ أَشِدَّآءُ عَلَى ٱلۡكُفَّارِ رُحَمَآءُ بَيۡنَهُمۡۖ تَرَىٰهُمۡ رُكَّعٗا سُجَّدٗا يَبۡتَغُونَ فَضۡلٗا مِّنَ ٱللَّهِ وَرِضۡوَٰنٗاۖ سِيمَاهُمۡ فِي وُجُوهِهِم مِّنۡ أَثَرِ ٱلسُّجُودِۚ ذَٰلِكَ مَثَلُهُمۡ فِي ٱلتَّوۡرَىٰةِۚ وَمَثَلُهُمۡ فِي ٱلۡإِنجِيلِ كَزَرۡعٍ أَخۡرَجَ شَطۡـَٔهُۥ فَـَٔازَرَهُۥ فَٱسۡتَغۡلَظَ فَٱسۡتَوَىٰ عَلَىٰ سُوقِهِۦ يُعۡجِبُ ٱلزُّرَّاعَ لِيَغِيظَ بِهِمُ ٱلۡكُفَّارَۗ وَعَدَ ٱللَّهُ ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّـٰلِحَٰتِ مِنۡهُم مَّغۡفِرَةٗ وَأَجۡرًا عَظِيمَۢا
මුහම්මද් (නබි සල්ලල්ලාහු අෙලෙහි වසල්ලම්) අල්ලාහ්ගේ ශුද්ධ වූ රසූලවරයා (දූතයා) වශයෙන් සිටින්නේය. ඔහු සමග සිටින්නන් ප්‍රතික්ෂේප කරන්නන් සම්බන්ධයෙන් දැඩි (මතධාරීන්) වශයෙන්ද, තමන් තුළ ඉතාමත් ආදර කරුණාවෙන් යුතු අය වශයෙන්ද, සිටින්නාහ. නැවී නළල බිම තබා සුජූද් කර, (නමදින්නන්) වශයෙන් ඔබ දකින්නෙහිය. අල්ලාහ්ගේ වරප්‍රසාදයද, (ඔහුගේ) ශුද්ධ වූ සොම්නසද (සෑම විටම) කැමැත්තන් වශයෙන් සිටින්නාහ. ඔවුන්ගේ සළකුණු නම්, ඔවුන්ගේ මුහුණුවල සුජූද් කර (නැමදීමේ) සළකුණු තිඛෙනු ඇත. මෙයම තව්රාත් (නමැති ධර්මයෙහි) ඇති ඔවුන්ගේ වූ වර්ණනාවයි. ඉන්ජීල්හි ඔවුන් කෙරෙහි වූ උපමාව නම්, එක් භෝගයකට සම වන්නේය. එය (සශ්‍රීකව කොළ පැහැ ගැන්වී) අතු විහිදෙන්නේය. (වැඩී) ස්ථීරවත් වන්නේය. පසුව එය (මහත් වී) ඝන වන්නේය. පසුව ගොවියාට (සතුටට පත් වී ඉතාමත්) පුදුම ගෙන දෙන අන්දමට (වැඩී) එය තමන්ගේ කෙඳහි දිග හැරී සිටින්නේය. -මෙමගින් ප්‍රතික්ෂේප කරන්නන්ව ඔහු කෝපයට පත් කරන්නේය. (මෙසේම විශ්වාසවන්ත-යින්වද ක්‍රම-ක්‍රමයෙන් සංවර්ධනයට ගෙන එන්නේය). ඔවුන්ගෙන් කවුරුන් (ඇත්තෙන්ම) විශවාසය තබා, දැහැමි ක්‍රියාවන් කරන්නෝද, ඔවුන්ට අල්ලාහ් සමාවද, ඉමහත් වූ ඵලවිපාකද, පොරොන්දු වී ඇත්තේය