Surah Al-Hujraat Verse 12 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Hujraatيَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ ٱجۡتَنِبُواْ كَثِيرٗا مِّنَ ٱلظَّنِّ إِنَّ بَعۡضَ ٱلظَّنِّ إِثۡمٞۖ وَلَا تَجَسَّسُواْ وَلَا يَغۡتَب بَّعۡضُكُم بَعۡضًاۚ أَيُحِبُّ أَحَدُكُمۡ أَن يَأۡكُلَ لَحۡمَ أَخِيهِ مَيۡتٗا فَكَرِهۡتُمُوهُۚ وَٱتَّقُواْ ٱللَّهَۚ إِنَّ ٱللَّهَ تَوَّابٞ رَّحِيمٞ
විශ්වාසවන්තයිනි! සැකයන්ගෙන් වැඩි වශයෙන් ඔබ ඈත් වනු. මන්දයත් සමහර කාරණාවන්හි සැක කිරීම පාපයක් වශයෙන් ඇත්තේය. (කිසිවෙකුගේ වැරදි) ඔබ හාර හාරා විපරම් කරමින් නොසිටිනු. ඔබගෙන් කෙනෙකු වෙන කිසිවෙකු ගැන ඕපාදූප කතා නොකරනු. ඔබගෙන් කිසිවෙකුත් තමන්ගේ මිය ගිය සහෝදරයාගේ මස් කෑමට කැමති වන්නෙහුද? එය ඔබ පිළිකුල් කරනවා නොවෙද! (ඕපාදූප කතා කිරීමද එවැනි දැයකි. මෙම කාරණාවන්හි) ඔබ අල්ලාහ්ට බිය වනු. නියත වශයෙන්ම අල්ලාහ් (පාපයන්ගෙන්) ඈත් වන්නන්ව බාර ගන්නෙකු වශයෙන්ද, දයාව පහළ කරන්නෙකු වශයෙන්ද සිටින්නේය