Surah Al-Hujraat Verse 11 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Hujraatيَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ لَا يَسۡخَرۡ قَوۡمٞ مِّن قَوۡمٍ عَسَىٰٓ أَن يَكُونُواْ خَيۡرٗا مِّنۡهُمۡ وَلَا نِسَآءٞ مِّن نِّسَآءٍ عَسَىٰٓ أَن يَكُنَّ خَيۡرٗا مِّنۡهُنَّۖ وَلَا تَلۡمِزُوٓاْ أَنفُسَكُمۡ وَلَا تَنَابَزُواْ بِٱلۡأَلۡقَٰبِۖ بِئۡسَ ٱلِٱسۡمُ ٱلۡفُسُوقُ بَعۡدَ ٱلۡإِيمَٰنِۚ وَمَن لَّمۡ يَتُبۡ فَأُوْلَـٰٓئِكَ هُمُ ٱلظَّـٰلِمُونَ
විශ්වාසවන්තයිනි! කුමන පිරිමින් හෝ වෙන කිසිම පිරිමින්ව සමච්චල් නොකළ යුතුය. ඔවුන් (අල්ලාහ්ගේ සන්නිධානයෙහි සමච්චල් කරන) මොවුන්ට වඩා උසස් අය වශයෙන් සිටිය හැකිය. (එසේම) කුමන ගැහැණනුන් හෝ වෙනත් කිසිම ගැහැනුන්ව (සමච්චල් නොකළ යුතුය). ඔවුන් (සමච්චල් කරන) මොවුන්ට වඩා උසස් අය වශයෙන් සිටිය හැකිය. ඔබගෙන් කෙනෙකු අනිත් කෙනාව දීනවූ අන්දමට (අදහස් කරමින් වැරදි අඩුපාඩුකම්) නොකිව යුතුය. ඔබගෙන් කෙනෙකු අනිත් කෙනාට (නරක) පටබැඳි නම් නොතැබිය යුතුය. විශ්වාසය තැබූ පසු, නරක පටබැඳි නම් තැබීම අති විශාල පාපයක් වන්නේය. කවුරුන් (මේවායෙන්) ඈත් නොවන්නෝද, ඔවුන්ම (සීමාව ඉක්මවා ගිය) අපරාධකරුවන් වන්නාහ